Wednesday, November 6, 2024

නැගෙනහිර ජනතාවගේ සාම්ප්‍රදායික කෘෂි ඉඩම් අනතුරේ ?

Must read

මඩකලපුව දිස්ත්‍රික්කයේ  මයිලත්තමඩු – මාධවනෙයි ප්‍රදේශයේ පිහිටි සාම්ප්‍රදායික තණබිම් වල වෙනත් දිස්ත්‍රික්ක වල ජනතාව  අසාධාරණ ලෙස නැවත පදිංචි කිරීමට රජය සැලසුම් කරමින් සිටින බව එම ඉඩම් අයිති ගොවීහු චෝදනා කරති. මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේදී මතුකර ඇතත් මෙම නිති විරෝධී ක්‍රියා දිගින් දිගටම සිදුවීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගොවීන් සිය ගැටළු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කරන ලදී.

තත්ත්වය පිළිබඳව සොඳයා බැලීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය 14 වනදා  මඩකලපුව දිස්ත්‍රික්කයේ මයිලත්තමඩු , මාධවනෙයි ප්‍රදේශයට පැමිණියහ.

මෙහිදී ගොවියන් විසින් දිග්ගැස්සෙමින් ඇති මයිලත්තමඩු , මාධවනෙයි ප්‍රදේශයේ තමන්ට අයත් සාම්ප්‍රදායික තණබිම් සහ ගවයන් සම්බන්ධ ගැටලු ඔවුන් හමුවේ පවසා සිටියහ. මෙහිදී ගොවීන් කියා සිටියේ කිසියම් පිරිසක් විසින්  ගවයන් ඝාතනය කර ඇති බවයි. ඇතැම්  ගවයන්  අතුරුදහන් කර ඇති බවට තොරතුරු ගොවීන් හෙළදරුව් කරන ලදී.  පසුගිය පාලන සමයේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මහවැලි  අධිකාරිය මෙම අර්බුදයට සුදුසු ක්‍රියාමාර්ග ගත් නමුත් මේ වන විට ඔවුන් ඒ ගැන කිසිඳු තැකීමක් නොකරන බව ගොවීන් පවසන ලදී. මේ වනවිට නිලධාරීන්  ක්‍රියා කරන්නේ පිටස්තර ප්‍රජාවට  සහාය ලබාදෙන ආකාරයට වන අතර  මේ වනවිට  ඔවුන් විශාල වන සම්පතක් විනාශ කර තිබෙන බවත් ගොවිහූ පැවසූහ. එසේ වුවත් ඔවුන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.
මෙහිදී ගොවීන් පැවසූවේ රජය එක් ජාතියක් , එක් ජනතාවක් , එක් නීතියක් පමණක් ඇති බව පැවසුවද එය සිදු නොවන අතර නීතිය බහුතර ජනතාවට  සමාන බවයි.ඒ අතර ගොවීන් ප්‍රකාශ කළේ  දැනට දිස්ත්‍රික්කය නියෝජනය කරන මඩකලපුවේ දේශපාලකයන් සහ සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම ගැටළුව  ගණන් නොගන්නා බවයි.
මීට අමතරව ගොවීන් පවසා සිටියේ තමන්ට අයත්  තණබිම් ලබා දීමට හැකි උපරිමයෙන් කටයුතු කරන ලෙසත් ඔවුන්ට වෙනත් ආධාර අවශ්‍ය නොවන බවත් පශු සම්පත ඇති කිරීමෙන් ජීවනෝපායක් කර ගැනීමට හැකි බවත්ය.

ටී.එන්.ඒ (දෙමළ ජාතික සන්ධානය) මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, සෙල්වම් අඩෙයික්කලනාදන්,  කරුණාකරන්, ටී. කලයිරාසන්,  සානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් ඇතුළු තවත් බොහෝ දේශපාලනඥයින් පිරිසක්මෙම සංචාරයට එක්වුහ. එහිදී දෙමළ ජාතික සන්ධානය විසින් මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති පියවරයන් ගැන ගොවින්ට පැහැදිලි කළ අතර පසුගිය රජය කාලයේදී යම් ආකාරයකට විසඳුමක් ලබාගැනීමට හැකිවූ බව අවධාරණය කරන ලදී.  වර්තමානයේදී මෙම ප්‍රශ්නය විසඳාගැනීමේ දී සිදුකළහැකි නීතිමය වශයෙන් මැදිහත්වීම් වල වාසිදායක පැති ගැන  අපට අදහසක් නොතිබුණත් මෙය නැගෙනහිර ගොවීන්ගේ ජීවිතය හා මරණය පිළිබඳ ප්‍රශ්නයක් බැවින් ඒ වෙනුවෙන් නඩුමාර්ගයට යාම හැර වෙනත් ක්‍රමයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී  නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා සාකච්ඡාවේදී පවසන ලදී.

     


දේවා

 

සබැඳි ලිපි

http://citizenpostlk.com/2020/11/30/%e0%b6%b8%e0%b6%a9%e0%b6%9a%e0%b6%bd%e0%b6%b4%e0%b7%94%e0%b7%80-%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b6%ba%e0%b7%9a-%e0%b6%89/


 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article