Sunday, November 24, 2024

නැගෙනහිර කිරි ගොවීන්ගේ උපවාසයට යමින් සිටි මාධ්‍යවේදීන් හා සමාජ ක්‍රියාකාරින්ට පොලීසියෙන් බාධා

Must read

මයිලත්තමඩු,මාදවනෙයි  ප්‍රදේශ වල කිරි ගොවින් විසින් සිදුකරන අඛන්ඩ උපවාසය පැවැත්වෙන ස්ථානයට කොළඹ සිට යමින් සිටි මාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසකට මයිලත්තමඩු පොලිස් සහ හමුදා   මුරපොල අසලදී  බාධාකිරිමක් සිදුකර ඇත. මයිලත්තමඩු  මුරපොලේ ආරක්ෂක නිලධාරීන්් විසින් ඊයේ (09) වනදා පෙරවරු 10.00ට පමණ  මෙම පිරිස රැගත් වාහනයට අදාළ ස්ථානයට වෙත යාමට අවසර ලබාදී නොමැති අතර ර පසුව ඔවුන් කරදියනාරු පොලිස් ස්ථානාදිපතිවරයාට සහ නැගෙනහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට කතා කර මේ සම්බන්ධයෙන් දැනුවත්කර ඇත. උපවාසයේ යෙදෙන ගොවීන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් වාර්තා කිරීමට ගිය  මෙම මාධ්‍යවේදීන්ට බාධාකිරීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා මානව හිමිකම් ‌කොමිසමට හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article