Friday, September 20, 2024

නාවික හමුදාව නතරවී සිටින පාසලකට කැඳවූ ගුරුවර-ගුරුවරියන් 26ක් නිරෝධායනයට

Must read

එහි රැදී සිටින නාවික හමුදා සෙබළුන් 6කට ආසන්න පිරිසක් කෝවිඞ් 19 ආසාධිතයන් බව තහවුරු වී ඇති පාසලට කැඳවූ ගුරුවරුන් 26 දෙනකු ඔවුන්ගේ නිවෙස් තුළම නිරෝධායනය කිරීමට ගල්කිස්ස හා මොරටුව පොලීසි විසින් දැන්වීම් ප්‍රදර්ශනය කර ඇතැයි ලංකා ගුරු සංගමය නිවේදනයක් නිතුක් කරමින් කියා සිටී. තවද එම නිවේදනය දක්වන්නේ බස්නාහිර පළාතේ පාසල් 200 කට ආසන්න ප්‍රමාණයක ආරක්ෂක අංශවල පිරිස් නවාතැන් ගෙන සිටින බවයි.

එම නිවේදනය පහත දැක්වේ.

ආරක්ෂක අංශවලට නවාතැන් ලබාදුන් කොතලාවලපුර විදුහලට ගෙන්වූ ගුරුවරුන්ට කොරෝනා අවදානමක්

බස්නාහිර පළාතේ පාසල් 200 කට ආසන්න ප්‍රමාණයක ආරක්ෂක අංශවල පිරිස් නවාතැන් ගෙන සිටින අතර, ඒ අනුව බප/පිළි/කොතලාවල පුර විදුහලේ නාවික හමුදා සෙබළුන් නවාතැන් ගෙන සිටිති. එසේ සිටියදී විදුහල්පතිවරයා විසින් පසුගිය 21 දින වැටුප් ලේඛන අත්සන් කිරීමට එම පාසලේ ගුරුවරු පාසලට ගෙන්වා ඇත. මේ වන විට එම පාසලේ නවාතැන් ගෙන සිටින නාවික හමුදා සෙබළුන් 6කට ආසන්න පිරිසක් කෝවිඞ් 19 ආසාධිතයන් බව තහවුරු වී ඇති අතර, ඉන් පසු 21 දින පාසලට කැඳවූ ගුරුවරුන් 26 දෙනා ඔවුන්ගේ නිවෙස් තුළම නිරෝධායනය කිරීමට ගල්කිස්ස හා මොරටුව පොලීසි විසින් දැන්වීම් ප්‍රදර්ශනය කර ඇත.

ආරක්ෂක අංශවල නවාතැන් සඳහා පාසල් යොදාගැනීම සම්බන්ධයෙන් අප දිගින් දිගටම කරුණු දැක්වූවද ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට රජය කටයුතු නොකළ අතර, අධ්‍යාපන නිලධාරීන් විසින් විවධාකාර හේතු දක්වමින් දිගින් දිගටම ගුරුවරු පාසල්වලට ගෙන්වීමට ද කටයුතු කරන ලදී. එම තත්වය මත මේ වන විට බප/පිළි/කොතලාවලපුර විදුහලට පසුගිය 21 වෙනිදා ගෙන්වූ ගුරුවරු කෝරෝනා ආසාධිතයන්වීමේ අවදානමකට ලක්ව ඇත.

ගුරුවරු පාසල්වලට ගෙන්වා වැටුප් ලේඛන අත්සන් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී නොමැති අතර, මේ ආකාරයෙන් කොතලාවලපුර විදුහලේ විදුහල්පතිවරයා ගුරුවරු පාසලට ගෙන්වා ඔවුන් අනාරක්ෂිත තත්වයට පත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙසත්, බස්නාහිර පළාතේ පාසල්වලට විවිධ හේතු දක්වමින් ගුරුවරු ගෙන්වීම නතර කිරීමට පියවර ගන්නා ලෙසත් ලංකා ගුරු සංගමය බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටී.

එසේම ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා පාසල්වල නවාතැන් ලබාදීම සම්බන්ධයෙන් රජය අවධානය යොමු කළ යුතු බවද වැඩිදුරටත් පෙන්වා දෙමු.

මෙයට,

ජෝසප් ස්ටාලින්
ප්‍රධාන ලේකම්
Sri Lanka Brief

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article