Friday, September 20, 2024

දෙපා තිරිසනෙකුගේ වෙඩි පහරින් සුනඛයෙකු ඝාතනය කෙරේ ..!

Must read

මිගමුව පෙරියමුල්ල ශා අන්තෝනි පාරේ නිවසක සුරතලයට ඇතිදැඩි කළ සුනඛයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.මිගමුවේ මෙන්ම ශ්‍රිලංකාවේද ප්‍රකට මානව හිමිකම් ක්‍රියාධරයෙකු වන බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා මේ ඝාතනය පිළිබදව මෙසේ මාධ්‍යයට අදහස් දක්වා සිටියේය.

මේ බල්ලා හැමදාම මම ලගට ඇවිත් උදේට කෙදිරිගානව එයාව එළියට යවන්න කියල . අපි සාමාන්‍යයෙන් මේ දවස්වල යවන්නේ නැ . ගෙදර දුවලත් කියනවා යවන්න එපා කියල. මට කරදර කරල ඌ ගේට්ටුව ලගට ගිහින් හිටියා මම එනකම් ගේට්ටුව අරින්න . මම එත් කියලත් ඇරියේ විනාඩි 5 ක් දෙන්නනම් ඉක්මන් එන්න ඕනා කියල. ඌ ගිහින් විනාඩි 10 ක් විතර යද්දි මට වෙඩි සද්දයක් ඇහුනා මම හිතුවා බල්ලට කරදයක්ද කියල මම ඉක්මනට පාරට ඇවිත් බලනකොටත් ඌ ලේ පෙරාගෙන ඇවිත් අපේ ගේ ඉස්සර ඇදගෙන වැටුනා මම උස්සල අතට ගත්තා මගේ අත ලෙවකාල තමයි උගේ පණගියේ.

සතුන්ට බෙහෙවින් ආදරය කරන බ්‍රිටෝ කියාගත හැකිවුයේ එපමණකි.

වෙසක් පෝදා මේ තිරිසන් ඝාතනය සිදුකරන්නට ඇතැයි යන චෝදනාව එල්ලවි ඇත්තේ ශා. අන්තෝනි පාරේ අංක 70 නිවසේ වෙසෙන විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු වෙතය.
මාධ්‍ය හමුවේ බ්‍රිටෝ ප්‍රනාන්දු කියා සිටියේ මේ පා⁣රේ කාටද තුවක්කු තියෙන්නේ කියල අපි හොයන්න ඕනේ තුවක්කුවක් තියෙන කෙනෙක්නේ වෙඩි තියන්න ඇත්තේ.

මිට පෙරද මෙසේ සැකය එල්ල වි ඇති විශ්‍රාමික පොලිස් නිලධාරියාගේ නොමනා හැසිරිම් ගණනාවක් ගැන බ්‍රිටෝ සදහන් කර සිටියේය.⁣සිය සුරතලාගේ ඝාතනය පිලිබදව 119 අමතා දැනුම් දිමෙන් පසු පොලිසිය වහාම ක්‍රියාත්මකව තිබුන අතර මිගමුව මුලස්ථාන පොලිස් පරික්ෂක වුඩ්ලර් මහතාද එම ස්ථානයට පැමිණ අවශ්‍ය සියලු අංශ දැනුවත් කරමින් පරික්ෂණ මෙහෙයවිම සිදුකරගෙන යනු ලබයි.

සුනඛයා වෙඩි තබා ඝාතනය කරන්නට ඇතැයි සැකකරන විශ්‍රාමික පොලිස් නිලධාරියාගේ නිවස

 

(සහන හා ඡායාරූප – meepura.com)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article