Friday, November 22, 2024

දිලිත් ජයවීර ජනපතිවරණයට එන බව ලීඩර් ට කියයි ! හෙට ( 11) පක්ෂ කාර්යාලයත් විවෘත කරයි

Must read

‘දෙරණ’ මාධ්‍ය ජාලය ඇතුළු මෙරට ප්‍රකට සමාගම් කිහිපයකම සභාපතිවරයකු වන දිලිත් ජයවීර නායකත්වය දරන ‘මව්බිම ජනතා පක්ෂයේ’ (MJP) මුලස්ථාන කාර්යාලය හෙට (ඔක්තෝම්බර් 11) දින

පෙරවරුවේදී විවෘත කිරීමට කටයුතු යොදා ඇති බව ‘ද ලීඩර්’  වෙබ් අඩවිය වාර්තා කර තිබේ

අලුතින් හිතන ගමනක ඇරඹුම සනිටුහන් කරමින් ‘මව්බිම ජනතා පක්ෂ’ මූලස්ථානය විවෘත කිරීම 2023 ඔක්තෝබර් 11 වන බදාදා දින උදෑසන 9.45 ට අංක 11, උද්‍යාන මාවත, කොළඹ 08 හීදී සිදු කෙරෙන බව පක්ෂ නායක හා විධායක කමිටුව නිවේදනය කර සිටින බව වැඩිදුරටත් එම පුවතේ සදහන්ය

මිට ඉහතදී මව්බිම ජනතා පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළේ හිටපු අමාත්‍යවරයකු වන හේම කුමාර නානායක්කාරයි. ඔහු මේවනවිට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ලෙස කටයුතු කරයි.

ඉදිරි ජනාධිපතිවරණයට තාම ද අපේක්ෂකයකු ලෙස අනිවාර්යයෙන්ම ඉදිරිපත්වන බව දිලිත් ජයවීර ‘ද ලීඩර්’ වෙත අවධාරණය කර තිබේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article