Saturday, May 18, 2024

ඉන්දියන් හමුදාව සමඟ සටන් කර මිය ගිය ‘මාලතීට’ උපාහාර

Must read

 

Remove featured image

දෙමළ ඊලාම් විමුක්ති අරගලයේ දී දිවිපිදූ  ප්‍රථම කාන්තා සටන්කාමිය වූ  මාලතීගේ 36 වැනි සංවත්සරය ඊයේ (10) සවස 6 ට අඩම්පන්හි පිහිටි ඇයගේ නිවසේදී පැවැත්විණි.

1967 දී මන්නාරමේ උපත ලද මාලතී ආයුධ අතට ගත්තේ ශ්‍රී ලංකා හමුදාව සහ ඉන්දීය හමුදාව විසින් ඊසානදිග ප්‍රදේශවල දෙමළ කාන්තාවන් හමුවේ දියත් කළ ප්‍රචන්ත්වයට  මුහුණ දීමටය. එමෙන්ම එකල තිබූ  දුක්ඛිත තත්ත්වය න් නිසාය. වයස අවුරුදු 20 දී ඇය  1987 දී යාපනයේ කොප්පායි ප්‍රදේශයේදී ඉන්දීය හමුදාවට එරෙහිව මුහුණට මුහුණ සටනකදී දිවි පිදූවාය. දෙමළ ඊළාම් යුද ඉතිහාසයේ වීරවරියක් ලෙස මිය ගිය පළමු කාන්තාව ලෙස මාලතී සිහිපත් කරනු ලබයි.

විමුක්තිය වෙනුවෙන් කාන්තාවන්ට ද සටන් කළ හැකි බව ඔප්පු කළ මාලතීගේ මතකය බොහෝ දෙනා විසින් ප්‍රතික්ෂේප කළද ඇය සිහිකරමින් සෑම වසරකම අඩම්පන් ප්‍රදේශයේ අනුස්මරණ උත්සව පැවැත්වේ.

ඊයේ පැවති අනුස්මරණ උත්සවයේදී මාලතීගේ මවුපියන් සහ ඥාතීන් මාලතීගේ පිළිරුවට මල්මාලා පළඳවා මල් ඉසිනු ලැබීම විශේෂත්වයකි.

එස්.ආර්.ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article