Wednesday, May 1, 2024

මියන්මාරයේ සරණාගත කඳවුරකට එල්ල කළ බරඅවි ප්‍රහාරයකින් 29 ක් මිය යයි .

Must read

pinterest sharing button
messenger sharing button
ඊසාන දිග මියන්මාරයේ, චීන දේශසීමා සමීපයේ පිහිටි සරණාගත කඳවුරකට එල්ල කළ බර අවි ප්‍රහාරයකින් ළමුන් ඇතුළු පුද්ගලයින් 29 දෙනකු මියගොස් තිබේ.
රටේ පාලන බලය හොබවන මිලිටරි ජුන්ටාවට එරෙහිව සටන් මෙහෙයවන කචින් ස්වාධින සංවිධානය (KIO) විසින් පාලිත ප්‍රදේශයක මෙම කඳවුර පිහිටා ඇත.සියලුම වින්දිතයින් සිවිල් වැසියන් බව කචින් ස්වාධින සංවිධානයේ ප්‍රකාශකයෙක් BBC පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ.

මිලිටරි රජයට එරහිව සටන් කරන අනෙකුත් කැරලිකාරී කණ්ඩායම් ද කචින් සංවිධානය වෙත දක්වන සහය වර්ධනය වී ඇති බැවින්, ගෙවී ගිය වසර පුරා මිලිටරි ජුන්ටාව ප්‍රහාර සංඛ්‍යාව ද වැඩිකර ඇති බව එම සංවිධානය ප්‍රකාශ කරයි.

2021 වසරේ මියන්මාරයේ හමුදාව හෙවත් ‘තත්මදෝව්’ එරට බලය අල්ලාගැනීමත් සමග මියන්මාරයේ මරණීය සිවිල් යුද්ධයක් ඇවිලී ගියේ ය. එතැන් පටන් හමුදාව සිය විරුද්ධවාදීන් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කිරීම වැඩි වශයෙන් සිදු කෙරුණි.

Screenshot 2023 10 10 at 14.51.43
කඳවුරට එල්ල කළ ප්‍රහාරය ”යුද අපරාධයක් සහ මානුශියත්වයට එරෙහි අපරාධයක්” බව කියමින් පිටුවහලේ පසුවන මියන්මාරයේ ජාතික එක්සත් රජය (National Unity Government of Myanmar/NUG) ජුන්ටාවට චෝදනා එල්ල කර ඇත.

ප්‍රහාරය පිටුපස හමුදාව සිටින බවට එල්ල වන චෝදනාව ජුන්ටාවේ ප්‍රකාශක මේජර් ජනරාල් සෝ මින් ටුන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

හමුදාව විසින් අදාළ ප්‍රදේශයේ කිසිදු මෙහෙයුමක් සිදු කර නොමැති බව පවසන ජනරාල්වරයා වැඩිදුරටත් කියා ඇත්තේ පිපිරිම ගබඩා කර තිබූ පුපුරන ද්‍රව්‍ය නිසා සිදු වූවක් විය හැකි බවයි.

මියගිය පිරිස අතර අවම වශයෙන් ළමුන් 11 දෙනකු සිටින බව කචින් සංවිධානය පවසයි. ප්‍රහාරයෙන් තවත් 56 දෙනකු තුවාල ලබා ඇති බවත් 44 දෙනකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවත් වාර්තා වේ.

theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article