මේ සදහා ප්‍රදේශයේ සියළුම ස්වාමින්වහන්සේලාට එක්වන ලෙස ගල්ගමුව යු.බී.වන්නිනායක මධ්‍ය මහා විද්‍යාලයේ (ජාතික පාසලේ) හිටපු විදුහල්පති සහ ඇහැටුවැව දිවුල්ගනේ පුරාණ දිඹුලාගල රජමහා විහාරාධිපති ගලහිටියාවේ සිරිරතන හිමියෝ පවසති.
මේ අතර දළ වලට ගිජුව දළ පූට්ටුවා මරාදැමිමේ මෙහෙයුම පිටුපස ඒ ප්‍රදේශයේ හිමිනමක්ද හවුල් බවට රාවයක් මේ දිනවල ඒ පළාතේ පවති.
අත්අඩංගුවට ගෙන ඇති ග්‍රාම නිළධාරිවරයා අදාල හිමිනමගේ රියදුරෙකු බවද ප්‍රදේශවාසිහු පවසා සිටිති.
පහත පළවන්ෙන් මේ දිනවල දළ පුට්ටුවා පිළිබදව මුහුණුපොතේ සංසරණය වන ලිපි අතරින් තවත් වැදගත් එකකි..
උන්වහන්සේ වැඩි දුරටත් මෙසේ ද පැවසූහ.
මේ ගල්ගමුව ප්‍රදේශය අවට වන අලි පනහකටත් වැඩි කණ්ඩායමක් සිටිනවා. ඒ අතරින් සියඹලන්ගමුවේ ඇත් රාජා සහ දළ පුට්ටුවා බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව සිටි සද්න්තයන් දෙදෙනෙක්. මීට කලකට ඉහත සියඹලන්ගමුවේ ඇත් රජු නිර්වින්දනය කොට මාඳුරු ඔය ජාතික වන උද්‍යානය වෙත ගෙන යමින් සිටියදී අතරමගදී අකල් මරණයට පත් වූණා. ඒ නිලධාරීන්ගේ නොසැලකිලිමත් කමින්.
එයින් ප්‍රදේශවාසින් තුළ ලොකු කම්පනයක් ඇති වුණා. මේ දළ පුට්ටුවාගේ ඇත් දළ යුගල සමඟ පොල්පිතිගමදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමත් ඉන්පසු එම හස්තියාගේ මළ සිරුරේ කොටස් කහල්ල පල්ලේකැලේ වන රක්ෂිතයේ තිබී සොයා ගැනීමත් සමඟ ප්‍රදේශ වාසින්ගේ කම්පාව සංවේගය තවත් තිවූර්ත තිබෙනවා.
වන අලින් ගම් වැදීම මිනිස් ජීවිත හා දේපල වලට බරපතල තර්ජනයක. ඒ වුවත් ඔවුන් ගම් වදින්නේ නොවිධිමත් මානව ක්‍රියාකාර කම් නිසා ඔවුන්ගේ පාරම්පරික වාස භූමි අහිමි වීම බව දැන් බොහෝ ගම්මුන් වටහාගෙන තිබෙනවා.
මේ ගල්ගමුව ප්‍රදේශයේ සිට මහව දක්වා කිලෝමීටර් තිහක් යන තුරු වැව් දහයක් පමණ හමුවෙනවා. සියඹලංගමුව වැව, මහ්ගල්ගමුව හෙවත් යකාබැඳි වැව, ගනේදිවුල් වැව, පාළුකඩවල වැව, අබකොළ වැව, අතරගල්ල වැව, මැඩියාව වැව, එරියාව වැව ඒ අතරින් ප්‍රධානයි. සියවස් ගණනක් තිස්සේ වන ගහනයෙන් වැසී තිබූ මේ අලි සංචරණ මාර්ග අද මිනිස් ජනාවාස බවට පත් වෙලා. ඒ වගේම මහවැලි සංවර්ධන ව්‍යාපාරය නිසා එළිපෙහෙළිවූ මහා වනාන්තරය වෙනුවට වන ජීවින් සඳහා වෙන් කළ කහල්ල පල්ලේකැලේ වන රක්ෂිතය කිසිසේත්ම ප්‍රමාණවත් නෑ. ඒක වන ජීවින්ගේ පැවැත්ම ගැන මෙලෝ හසරක් නොදැන කළ බිම්කොටසක්.
ඒ අනුව වන අලින් සිදු කරන්නේ තමන්ගේ පාරම්පරික ස්වභාවික උරුමය වෙනුවන් සටන් වැදීම බව දැන් මේ ප්‍රදේශවල ජනතාව තේරුම් අරන් තිබෙනවා. සිරිරතන හිමියෝ පැවසූහ. මේ අතර මෙහි සැරි සරන සෑම වන අලියෙකුටම පාහේ මිනිසුන්ගෙන් නොයෙක් තාඩන පීඩන එල්ලවී ඇති අතර ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් නිත්‍ය ආබාධිත තත්වයකට පත්වී ඇති බව ද සිරිරතන හිමියෝ කීය.
මෙම තත්වය පාලනය කිරීම සඳහා වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවශ්‍ය මුදල් ප්‍රතිපාදන, නිලධාරීන් සෙසු යටිතල පහසුකම් සේම නිශ්චිත වැඩ පිළිවෙළක් නොමැති අතර වන අලින් සඳහා සුදුසු වන කලාපයක් වෙන් කිරීම පිළිබඳ රජයේ කිසිදු වැඩ පිළිවෙළක් නොමැති බවද උන්වහන්සේ කීහ.
ඔය දළ පුට්ටුවා දැනට වසර පනහකට අධික කාලයක් තිස්සේ මේ ප්‍රදේශයේ පැරණි විහාරාරාම ආශ්‍රිත ඉඩ කඩම්වල බොහෝ විට රැදී සිටි සතෙක්. නමුත් ඒ විහාර බිම්වල ඇති බව භෝග වලට මේ සතාගෙන් හානියක් නොවන බවද මේ ප්‍රදේශයේ මහා සංඝරත්නය අතරේ පොදු කතිකාවක් ඇතිවී තිබෙනවා.
ඒ තත්වය යටතේ මේ ප්‍රදේශවාසීන් ඒ සතා වෙනුවෙන් ඉටු කරන ආගමික චාරිත්‍ර සඳහා මේ ප්‍රදේශයේ භික්ෂුන් වහනසේලාගේ උපරිම සහභාගීත්වයක් ලැබෙනු බව ඒකාන්ත යයි ද සිරිරතන හිමියෝ කීහ.