Tuesday, May 7, 2024

ඒකාබද්ධෙ 7 ක් මෛත්‍රිට !

Must read

end-mahinda-s-journeyඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සමගිවී සටන් කරන්නැයි පාක්ෂිකයින් ගෙන් හා හිතවතුන් ගෙන් එල්ලවූ බලපෑම නොතකා කටයුතු කල බැසිල් රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ ප්‍රමුඛ එකාබද්ධයේ ඔවුන්ගේ අනුගාමිකයින්ට විරෝධය පළකරමින්, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 7දෙනෙකු ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට නියමිතබව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ ශ්‍රීලනිප ප්‍රබලයකු පැවසුයේ, ඒකාබද්ධයේ අති බහුතරයක් ශ්‍රීලනිපය යළි සමගි කරවීමේ කාර්යයට ඔවුනට හැකි පමණින් දායකවී සිටියද ඔවුන් සියලු දෙනාට ‘කාල්ටන් කල්ලියේ’ බලපෑමට යටවීමට සිදුවූ නිසා ශ්‍රීලනිප – ඒකාබද්ධ සාකච්ජා බිඳ වැටුන බවයි.

‘කාල්ටන් කල්ලිය’ මෙසේ එක්සත් ජාතික පක්ෂයට වාසිවන ආකාරයෙන් සැලසුම් සහගතව සිදුකල කුමන්ත්‍රණයට විරෝධය පළකරමින් විමල් විරවංශ මන්ත්‍රීවරයාගේ ජාතික නිදහස් පෙරමුණේ පිරිසක් ද ඉදිරි දින කිහිපයේදී ශ්‍රීලනිපයට එක්වීමට නියමිත බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මෙසේ ශ්‍රීලනිපයට එක්වීමට තීරණය කර ඇති මන්ත්‍රීවරුන් මේවනවිටත් කොරියාවේ සිටින ජනාධිපතිවරයා සමග දුරකථන ඔස්සේ අදහස් හුවමාරු කරගෙන ඇති අතර ජනාධිපතිවරයා හෙට දිවයිනට පැමිණි පසු ඔහු හමුවීමට ද එකඟත්වය පළකර ඇත.

මේ සම්බන්ධයෙන් අප වෙත තොරතුරු ලබාදුන් ශ්‍රීලනිප ප්‍රබලයා වැඩිදුරටත් පැවසුයේ, බැසිල්ගේ හා නාමල්ගේ අදුරදර්ශී ක්‍රියාකලාපය නිසා 2015දී ජනාධිපති ධුරය හා ශ්‍රීලනිප නායකත්වය අහිමිකර ගත් මහින්ද රාජපක්ෂ මහතා, 2018 පළාත් පාලන මැතිවරණයට ‘පොහොට්ටුවෙන්’ ඉල්ලා අත්කර ගන්න පරාජය හමුවේ ඔහුගේ දේශපාලන ගමන නිමාවට පත්කර ගන්නා බවයි.

ඒ අය අවංකව සාකච්ඡාවට ප්‍රවේශ වුනේ නැහැ

මේ අතර ඊයේ (29) රාත්‍රී බීබීසී සිංහල සේවයට විශේෂ ප්‍රකාශයක් කල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුයේ, ඒකාබද්ධ විපක්ෂය සමග එකමුතුව පළාත් පාලන මැතිවරණවලට තරග කිරීම සඳහා සාකච්ඡා පැවැත්වුණු නමුත් ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂය පාර්ශවයෙන් අවංක උත්සාහයක් නොදැරුණු බවයි.

“සාකච්ඡා පැවැත්වුණා, ඒත් ඒ අය අවංකව මේක සාර්ථක කරගන්න සාකච්ඡාවට ප්‍රවේශ වුණා කියල මට පෙන්නේ නෑ,” ඔහු සඳහන් කළේය.

ශ්‍රීලනිපය එක්සත් ජාතික පක්ෂය (එජාප) සමග ජාතික ආණ්ඩුවක් පිහිටුවා තිබුණ ද, කිසිදු මැතිවරණයක් එජාපය සමග එක්ව තරග කිරීමේ අදහසක් නොමැති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

සියලු ආකාරයේ කුමන්ත්‍රණ පරාජය කරන්න අපි සුදානම්

මෙසේ සාකච්ජා බිඳ වැටීම තුල සියලූම පළාත් පාලන ආයතන සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා බාරදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

පළාත් පාලන මැතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බොහෝ දුරට අත ලකුණින් තරඟ කිරීමට නියමිත බවද මහලේකම්වරයා කීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කිරීමට අපේක්ෂා කරන කණ්ඩායම් සදහා තවදුරටත් අවස්ථාව පවතින බවද ඒ මහතා පැවසීය.

කිසිදු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් මේ අවස්ථාවේ බෙදී අලූත් පක්ෂයකට හෝ වෙනත් කණ්ඩායමකට එකතුවීමේ වුවමනාවක් නොමැති බවද මහලේකම්වරයා කියා සිටියේය.
http://www.infosrilankanews.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article