Saturday, September 21, 2024

ත්‍රිමලේදි මන්ත්‍රි සෙල්වරාසාට පහර දුන් 6 ක් අත්අඩංගුවට ! ප්‍රහාරය පිටුපස සිටියේ බුද්ධි අංශද ?

Must read

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතාට හා තිලිපන් සැමරුම් රථ පෙලපාලියට ත්‍රිකුණාමලය සර්ධාපුරදි පහරදිම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු හය දෙනෙකු චීනවරාය හා ත්‍රිකුණාමල පොලිසි විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ

පහර කෑමෙන් පසුව රථපෙල ආපසු හරවා ගෙන තඹලගමුව දෙසට ගොස් මන්ත්‍රී සෙල්වරාසා ගජේන්දුන් මහතා දුරකතයෙන් පොලිස්පති වරයාට දුරකතයෙන් පැමිණිලි කර තිබුණ මෙම පහරදිමේ සිදුවිමට අදාල ඡායාරුප හා විඩියෝ දර්ශන පදනම් කරගනිමින් මෙම අත්අඩංගුවට ගැනිම් සිදු කර තිබුණි

මේ අනුව චිනවරාය පොලිසිය අත් අඩංගුවට ගත් සිවු දෙනාගෙන් තිදෙනෙකු ත්‍රිකුණාමලය විජේසේකර පුර පදිංචිකරුවන් වන අතර අනෙක් තැනැත්තා සර්ධාපුර ප්‍රදේශයේ පදිංචි අයෙකි.ත්‍රිකුණාමලය පොලිසිය මගින් අත් අඩංගුවට ගත් දෙදෙනා මනයාවෙලි හා සුමේධංකරපුර පදිංචිකරුවන්වේ.

තිලීපන්ගේ 36 වන ගුණ සැමරුමට සමගාමීව පැවැති රථ පෙළපාලියකට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරන තිබේ

, අදාළ පහර දීම බුද්ධි අංශ සහ පොලිස් නිලධාරින්ගේ සහාය මත සිදු වූ බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ  මාධ්‍ය ප්‍රකාශ නීතිඥ සුගාෂ් කනගරත්තිනම් මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණි.

පොතුවිල් වලින් සැප්තැම්බර් 15 වෙනිදා ආරම්භ වු මෙම සමරු රථ පෙළපාලියට ත්‍රිකුණාමලයේදි පහරදිම පෙර ස්ථාන තුනකදි බාධාකිරිම් සිදුව තිබුණ බවද පැවසේ . ජාතික ධජ රැගත් ඉතා කුඩා පිරිසක් මේ විරෝධයන්වලට එක්ව තිබුණි

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article