Monday, September 14, 2026
spot_img

ජනපති ජනතාවට දුන් මඩු පොරොන්දුව ඉටුකරයි ! කොළඹ සිට තලෙයිමන්නාරමට දුම්රියක් !

Must read

 

ජනපති රනිල් වික්‍රමසිංහ පසුගිය මඩු මංගල්‍යය දිනයේදි පොරොන්දුවක් ලබා දෙමින් කියා තිබුනේ කොළඹ සිට තලෛයිමන්නාරමට දුම්රියක් ආරම්භ කරන බවය

ඒ අනුව කොළඹ කොටුවේ සිට පසුගිය  සිකුරාදා(15) මෙම දුම්රිය ආරම්භ කර තිබුණි.

කොළඹ කොටුවේ සිට පස්වරු 3.55ට දුම්රිය පිටත්වන අතර එදිම  රාත්‍රියේ රාත්‍රී 10.48ට එය තලෙයිමන්නරාමට  ලගාවේ.

පසුව උදෑසන 4.15 ට තලෙයිමන්නාරමින්   පිටත්ව  උදෑසන 10.34 ට කොළඹ  කොටුවේ පැමිණිමට නියමිතය..

දුම්රිය මෙසේ ආරම්භ කිරිම විශාල පහසුවක් බව මන්නාරම් දිස්ත්‍රික්කයේ ජනතාව කියා සිටියද ඔවුන් විසින් අදාල බලධාරින් වෙත එක් ප්‍රධාන ඉල්ලිමක් ඉදිරිපත් කර තිබේ.
එනම් තලෙයිමන්නාරම සිට මේ දුම්රියේ ආසන කලින් වෙන්කරවා ගැනිමට හැකි පහසුකම් සලසා දෙන ලෙසය.
දැනට මේ පහසුකම ක්‍රියාත්මක වන්නේ කොළඹදි පමණක් බවද ඔවුන් කියා සිටි

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article