ඊයේ (10) සහ අද දෙදින තුල විදේශයන්හි සිට ශ්‍රීලාංකිකයන් 430 දෙනෙකු මෙරටට පැමිණි තිබේ. ඒ අතරට
- EK 648 දරණ මගී ගුවන් යානයෙන් ඩුබායි සිට පැමිණි පුද්ගලයින් 50 දෙනෙකුද
- ET 8804 දරණ මගී ගුවන් යානයෙන් ඉතියෝපියාවේ සිට පැමි පුද්ගලයින් 110නෙකුද
- UL 226දරණ ගුවන් යානයෙන් ඩුබායි සිට පැමිණි පුද්ගලයන් 270දෙනෙකුද අයත් වෙයි.
එසේම අද උදෑසන ඉන්දියාවේ මුම්බායි සිට පුද්ගලයින් 66දෙනෙකු දිවයිනට පැමිණීමට නියමිත බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි.
එසේ පැමිණෙන පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනයවන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සදහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.