දේශසීමා හරහා නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටි තමිල්නාඩු ධීවරයින් සිව් දෙනෙකු කොන්දේසි සහිතව නිදහස් කර ඇති අතර, අනෙක් ධීවරයින් 22 දෙනාගේ රක්ෂිත බන්ධනාගාර කාලය තවදුරටත් දීර්ඝ කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
ශ්‍රී ලංකා මුහුදු සීමාව ඉක්මවා මසුන් ඇල්ලීමේ චෝදනාව මත නෙඩුන්දිව් මුහුදේදී විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තමිල්නාඩු ධීවරයින් 26 දෙනෙකුගේ නඩු විභාගය අද (08) බ්‍රහස්පතින්දා අධිකරණයේදී පැවැත්විණි.ට්‍රෝලර් යාත්‍රා 5ක් සමඟ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ධීවරයින් 26 දෙනා අද ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දිසා මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලදී.
පසුගිය මස 14 වනදා තමිල්නාඩු ධීවරයින් 12 දෙනෙකු සහ බෝට්ටු 3 ක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබු අතර එසේම පසුගිය 28 වැනිදා නැඳුන්දිව් මුහුදු තීරයේදී බෝට්ටු 2ක් සහ තවත් ධීවරයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය මස 14 වනදා නෙඩුන්දිව් මුහුදු තීරයේදී බෝට්ටු 3ක් සමඟ අත්අඩංගුවට ගත් තමිල්නාඩු ධීවරයින් 12 දෙනාගෙන් එක් අයෙකු බෝට්ටුවක හිමිකරුවෙකු බවට හඳුනාගැනීමෙන් අනතුරුව එම යාත්‍රාව රාජසන්තක කිරීමට විනිසුරුවරයා නියෝග කර සියලුදෙනා නිදහස් කිරීමට නියෝග කළා. බෝට්ටුවේ ගමන් ගත් හිමිකරු ඇතුළු සිව්දෙනාට මාස 18ක සාමාන්‍ය සිරදඬුවමක් වසර 5කට අත්හිටුවා ඇත.
සෙසු ධීවරයින් 22 දෙනාගේ රඳවා ගැනීම නොවැම්බර් 15 දක්වා දීර්ඝ කිරීමට ජේ.ගජනිතිපාලන් නියෝග කළේය.
මේ අතර, එම නඩුව විභාග කිරීමේදී ධීවර හා ජලවිද්‍යා සම්පත් දෙපාර්තමේන්තුව වෙනුවෙන්, නීතිපති දෙපාර්තමේන්තුවේ සිට විශේෂයෙන් පැමිණි රජයේ නීතීඥ ඩී. නිශාන්තන් මහතා සහභාගී විය.
.ඒම්.මදිවානන්