Saturday, May 11, 2024

එක්දින පිටියේ හොඳම ඉනිම මැක්ස්වෙල්ගෙන්

Must read

2023 පන්දුවාර 50 ලෝක කුසලාන තරඟාවලිය යටතේ ඊයේ (07) පැවති තරඟයේදී එතෙක් මෙතෙක් එක්දින තරඟයකදී වාර්තාවූ හොදම ඉනිම දියත්කිරීමට ඕස්ට්‍රේලියාගේ ග්ලෙන් මැක්ස්වෙල් සමත් විය.

ඇෆ්ගනිස්ථානය විසින් ලබාදුන් ලකුණු 292ක ඉලක්කය හබාගිය ඕස්ට්‍රේලියාව ලකුණු 91කට කඩුළු 7ක් දැවී තිබියදී පිටියේ එක්වූ මැක්ස්වෙල් හා නායක කමින්ස් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.

එහිදී එතෙක් මෙතෙක් ලොව හොඳම ඉනිම ක්‍රීඩා කල මැක්ස්වෙල් පන්දු 128කින් ලකුණු 201 ක් නොදැවී ලබාගත් අතර ඔහුට අනගි සහයක් ලබාදුන් නායක කමින්ස් පන්දු 68කට මුහුණට දෙමින් ලකුණු 12ක් පමණක් ලබාගනිමින් ආරක්ෂාකාරී ඉනිමක් ක්‍රීඩා කලේය.

තරඟය අතරතුරදී ආබාධයකට ලක්වූ මැකැස්වෙල් අවසන් පන්දු කිහිපයට මුහුන දෙන විට ඔහුගේ පාද චලනය කිරීමට පවා ඔහුට නොහැකි වූ අතර ඔහු අවසන් පන්දුවලදී 6 සහ 4 පහරවල් එල්ල කරනු ලැබුවේ කිසිදු පාචලනයක් නොමැතිවය.

මැක්ස්වෙල්ගේ මේ ප්‍රහාරයත් සමග ඕස්ට්‍රේලියවෙ ලැබූ ජය හේතුවෙන් අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන් කරගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය.

 

(Photo : crictracker)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article