Wednesday, November 27, 2024

ජනපති සිරිසේනත් ශ්‍රිලනිපයත් එකවර අර්බුදයට යැවු බැසිල්ගේ දේශපාලන තුරුම්පුව !

Must read

Basil_Rajapaksha-1සිය බලය නිසි ලෙසින් තහවුරු කර නොගෙනම නීති විරෝධි ලෙසින් අගමැතිවරයෙකු පත්කරමින් තමන්ව බලයට ගෙනා පක්ෂයටත් 62 ලක්ෂයක් ජනයාට ද්‍රෝහි වු ජනපති  සිරිසේන ලංකා  දේශපාලන ඉතිහාසයේ අංක එකේ පවා දෙන්නා ලෙසින් දැන් කිරුළු පළන්දාගෙන හමාරය.
එපමණක් නොව එත් සමගම ඔහුගේ ධුරයද ඔහු සභාපතිත්වය දරන පක්ෂයද දැන් අර්බුදයට යමින් තිබේ.
ව්‍යවස්ථා විරෝධි ලෙසින් පාර්ලිමේන්තුව විසුරුවාලිමත් සමගින් මැතිවරණයක් කැදවා ඇති ජනපතිට දැන් සිදුව ඇත්තේ තමන්ගේ තින්දුව තමන්ටම පරාවලල්ලක් වෙමින් දේශපාලන අනාථභාවයක් කරා වේගයෙන් ගමන් කරමින් තිබිමය.
එළඹෙන මැතිවරණයට ඒකාබද්ධ විපක්ෂය පොදු පෙරමුණ ලෙසින් පොහොට්ටුවෙන් තරග කරන බව කියා සිටියේ පසුගිය නොවැම්බර් 05 වෙනිදාමය.
දැන් එය ක්‍රියාත්මකය.
නාමල් රාජපක්ෂ සිය ට්විටර් ගිණුමේම සටහන් තබා දැන් ශ්‍රිලනිපයෙන් ඉල්ලා අස්වි පොහොට්ටුවේ සමාජිකත්වය ගෙන ඇත.
මේ අනුව යමින් තවත්   තවත් බොහෝ දෙනෙකු  පොහොට්ටු සමාජිකයන් බවට පත්විම අනිවාර්යයකි.
බැසිල් රාජපක්ෂ යනු පොහොට්ටුවේ අයිතිකාරයාය.
ජනපති සිරිසේන සිය තුරුම්පු අදින හැටි බලා සිටි බැසිල් රාජපක්ෂ දැන් සිය කුට්ටම හොදින් අනා තුරුම්පු තෝරමින් සිටි.
දැනට ඇද්දේ එකක් පමණි.
ඒ එක තුරුම්පුවම දැන්  සමස්ත ශ්‍රිලනිපයම දේශාපාලනික ව අනාථභාවයකට පත්කරවන්ක්  බවට ලකුණු පහළ වෙමින් තිබේ.
වරක් මංගල සමරවිර ඇමතිවරයාද නිවරදිව සදහන් කර තිබුණ පරිදි බැසිල් යනු හොද සංවිධායකයෙකි.
ජනපති සිරිසේනට දැන් සිදුව ඇත්තේ සේනාවක් අහිමි කරගත් රජෙකු සේ සිය අනාගත සටන් උපක්‍රම තෝරන්නටය.
එහෙත් මේ සටන ගලේ පැහැරු බළලාගේ එකක්ම වි ඇති නිසාම පරාජය පමණක් නියත වෙමින් තිබේ.
වලන්කාරයාගේ අවුරුද්දක වැඩ පොලුකාරයාට එක දවසක් යැයි යන කියමන සනාථ කරමින් සිය දේශපාලන ඉරණම තමන් විසින්ම ලියාගත් අයෙකු බවට පත්වන්නට දැන් ඔහුට සිදුව තිබේ.ට
ලංකා දේශපාලන ඉතිහාසයේ වැඩියෙන්ම ජනප්‍රිය වි ඉතාමත් කෙටිම කලින් දේශපාලන අතිශය පිළිකුලට පත්වු කිසිවෙකුත් නොවේ.
ජනපති සිරිසේන තමන් වපුරපු හැටියට දැන් අස්වැන්න කපා ගෙන ඇත.
.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article