Saturday, November 23, 2024

ජනතාව ප්‍රකෝප කලොත් බලාගෙනයි ! – පොලිස් ඇමතිගෙන් තරවටුවක් 

Must read

ඇතැම් දේශපාලකයන් ජන කොටස්වල ඡන්ද ලබාගැනීමේ පටු අරමුණ ඇතිව කරන ප්‍රකාශවල ගොදුරක් වී යම් අයකු නීතිය අතට ගෙන ක්‍රියා කරන්නේ නම් හෝ එවැනි තත්වයක් ඇති කිරීම සඳහා අනුබල දෙන්නේ

නම් ඒ ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට එරෙහිව තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්, අඛිල තෙන්නකෝන් විසින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයක එබව සඳහන් වේ.

වතුකරයේ වූ සිද්ධියක් සම්බන්ධයෙන් මහජන නියෝජිතයකු විසින් පසුගිය ඉරිදා දිනයේ ජනතාව ප්‍රකෝප කරනා ආකාරයෙන් වගකීම් විරහිතව සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගේ අවධානය යොමුව ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ.

ප්‍රචණ්ඩත්වයට එරෙහිව ආත්මාරක්ෂාව සඳහා ප්‍රතිප්‍රහාර එල්ල කළ යුතු බවත්, රජය සහ නීතිය අපව ආරක්ෂා නොකරන්නේ නම් එය අපගේ අයිතියක් බවටත් එම මහජන නියෝජිතයා එදින කළ ප්‍රකාශ කර තිබු අතර සමාජ මාධ්‍ය ඔස්සේ ඊට පුළුල් ප්‍රචාරයක් ලබාදී තිබු බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.

මෙවැනි වෛරී ප්‍රකාශවල ගොදුරක් වී නීතිය අතට ගෙන කටයුතු නොකරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා වතුකරය ඇතුළු සමස්ත ජනතාව ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද එම නිවේදනයේ සඳහන් වේ.

 

මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව වතුයායේ රත්වත්තේ වත්තේ ජීවත් වූ මාස දෙකක බිළිඳකු ඇතුළු දුගී වතු කම්කරු පවුලක් එම වත්තෙන් ප්‍රචණ්ඩකාරී අන්දමින් පළවා හරින අයුරු දැක්වෙන වීඩියෝපටයක් පසුගිය දින දෙකෙහි අන්තර්ජාලය තුල සංසරණය වූ අතර සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් වහාම  ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබිණ. 

.

theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article