Friday, September 20, 2024

කාලත් ඉවරයි ! බීලත් ඉවරයි ! එළවළු මිළත් ඉහලට ..

Must read

මත්පැන් මිළ 20%කින් අද මැදියම් රැයේ සිට ඉහල දැමිමට රජය තිරණය කර ඇත. රට තුල දැනටමත් පවතින දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ සල්ලි නැතිකම නිසාම මත්පැන් මිළදි ගැනිම විශාල ලෙස අඩුකර තිබුන බව ලංකාව පුරා ඇති සුපිරි වෙළද සැල් තුලදි පවා ඉතා පැහැදිලිව පෙනි ගොස් තිබුණි.

නත්තලට පෙර දින රාත්‍රියේ මත්පැන් අලෙවි සැල් හෝ සුපිරි වෙලද සැල්වල මත්පැන් අලෙවිය කරනු ලබන කවුන්ටර අසලට වෙනදා මෙන් දිගු පෝලිම් තිබුනේ නැත.

තතු එසේව තිබියදි රජය විසින් මත්පැන් සහ දුම්වැටි මිළ විශාල අගයකින් ඉහල දැමිමට පියවර ගෙන තිබේ.

විශේෂයෙන්ම සුපිරි වෙළද සැල්වල මත්පැන් කවුන්ටර අසල පොලිම් නොතිබිමෙන් පෙනි යන එක කරුණක් වන්නේ මැදපංතිය පවා පත්ව ඇති අර්බුදයේ තරමයි .

මේ අතර එළවළු මිළද දැන් ඉහල ගොස් තිබේ

පසුගිය දිනවල මෙරටට බලපෑ සුළි කුණාටුව නිසා නුවරඑළිය, වැලිමඩ සහ කැප්පෙටිපොළ ආදී ප්‍රදේශවල එළවළු වගාවට දැඩි ලෙස හානි සිදුව ඇති අතර ඒ හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානවලට දෛනිකව ලැබෙන එළවළු ප්‍රමාණය විශාල ලෙස අඩුවී ඇත.

ඒ හේතුවෙන් මේ දිනවල යළිත් එළවළු මිල ගණන්ද වැඩිවී ඇතැයි වෙළෙන්දෝ පවසති.

ඊයේ (02 වැනිදා) එළවළු වර්ග කිහිපයක කිලෝ ග්‍රෑම්යක තොග මිල පැවැතියේ මෙසේ විය .

බෝංචි රුපියල් 550-600, බීට් රූට් රුපියල් 280-300, වම්බටු රුපියල් 280-300, මාළු මිරිස් රුපියල් 550-650, අමු මිරිස් රුපියල් 220-250, නෝකෝල් රුපියල් 240-250, ලීක්ස් රුපියල් 270-290 සහ මෑකරල් රුපියල් 300

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article