Friday, September 25, 2026
spot_img
spot_img
spot_img
spot_img

මත්පැන් සහ දුම්වැටි මිළ අද මැදියම් රැයේ සිට ඉහලට …

Must read

 

මත්පැන්, වයින්, බියර් ආදී සියලුම වර්ගවල නිෂ්පාදන බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට 20% කින් සහ දුම්වැටි මත බද්ද 20% කින් ඉහළ දමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කර සිටියි.

අද දෙරණ වෙබ් අඩවිය දුම්වැටි වල මිළ මේ අනුව ඉහල යන අයුරු ගැන මෙසේ සදහන් කර තිබේ

රුපියල් 90ක්ව පැවති දුම්වැටියක නව මිල රුපියල් 105ක් වනු ඇති බවට අපේක්ෂා කෙරේ.

තවද රුපියල් 85ක්ව පැවති දුම්වැටියක නව මිල රුපියල් 100ක් වනු ඇති.

රුපියල් 70කට පැවති දුම්වැටියක නව මිල රුපියල් 80ක් දක්වා ඉහළ යනු ඇති.

රුපියල් 60කට පැවති දුම්වැටියක නව මිල රුපියල් 70ක් දක්වා ඉහළ යනු ඇති බවටද අපේක්ෂා කෙරේ.

මේ අතර මිලිමීටර් 60ට නොවැඩි, රුපියල් 15කට පැවති දුම්වැටියක් රුපියල් 24ක් දක්වා මිල ඉහළ නැංවෙනු ඇති බවද වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article