Monday, November 25, 2024

කන්තලෙන් මහවැලි ගගේ වැලි ගොඩදාන්න බලපත්‍ර ලබාගැනීමට විශාල පිරිසක්

Must read

කන්තලෙ සේරුනුවර ප්‍රදේශයෙන් මහවැලි ගගේ වැලි ගොඩ දැමීම සදහා නව බලපත්‍ර ලබාදීම සදහා අයදුම්පත් ලබාදීමක් පසුගිය 22 වනදා කන්තලේ ප්‍රදේශයේදී පවත්වා තිබිණි.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විශාල පිරිසක් මෙලෙස බලපත්‍ර ලබා ගැනීම සදහා පැමිණ සිටිනු දක්නට ලැබිණි. එම ප්‍රදේශයන් බලපත්‍ර ලබාගැනීම සදහා පැමිණ පිරිස් පවසා සිටියේ පිට පලාත්වල කිසිවෙකුට බලපත් ලබා නොදෙන ලෙසටයි.

කෙසේ වෙතත් අයදුම්පත් ලබාගැනීම සදහා පැමිණි පිරිසට ප්‍රමාණවත් අයදුම්පත් නොමැති වීම හේතුවෙන් පැමිණ පිරිසගේ නම් ලබාගෙන ඔවුන් පිටත් කර හැරීමට කන්තලේ වන රක්ෂණ නිලධාරීන්ට සිදුවී ඇති බවද වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article