කොවිඩ් ව්‍යාප්තිය සාර්ථකය පාලනය කල රටක් වශයෙන් සැලකෙන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට නැවතත් සති දෙකක කාලයක් වසා දැමීමට හේතු වූ කොවිඩ් පොකුරක් නිර්මාණයවීමට හේතු වූ පළමු ආසාදිතයා ශ්‍රී ලාංකිකයෙකු බවට එරට සෞඛ්‍ය අංශ විසින් හදුනාගෙන තිබේ.
මෙසේ හදුනාගෙන ඇත්තේ 40 හැවිරිදි මෙම පුද්ගලයෙකු වන අතර ඔහු මැයි මස 8 වැනිදා ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට සංචාරය කර ඇත.පසුව ඔහුව කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් මැයි 14 වැනිදා රෝහල් ගත කර ඇති අතර, අනතුරුව මැයි 23 වැනිදා රෝහලින් පිටව ගොස් තිබේ.