Thursday, September 17, 2026
spot_img

සංචරණ සීමා නිසා ගොඩ ගැසෙන අතිරික්ත එළවළු හා පළතුරු රජයෙන් මිලදී ගැනීමට හා බෙදාහැරීමට කැබිනට් අනුමැතිය

Must read

රජය විසින් පනවා ඇති දීප ව්‍යාප්ත සංචරණ සීමා හේතුවෙන් සිය නිෂ්පාදිත සාමාන්‍ය පරිදි ප්‍රවාහනය කිරීමට හා වෙළෙඳාම් කිරීමට නොහැකි වීම නිසා ගොඩගැසෙන අතිරික්ත එළවළු සහ පළතුරු තොග රජය මගින් මිලදී ගෙන බෙදාහැරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.

ඒ අනුව මෙම එළවළු සහ පළතුරු තොග දිස්ත්‍රික් මිල කමිටුවේ මිල ගණන් යටතේ දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් මිලදී ගැනෙනු ඇත.

එසේ මිලදී ගන්නා එළවළු හා පළතුරු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන, රජයේ රෝහල්, ත්‍රිවිධ හමුදා හා අවතැන් කඳවුරු වෙත මෙන්ම ජීවනෝපාය අහිමි පවුල්වල අවශ්‍යතා මත නොමිලේ බෙදාදීමට නියමිතය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article