Sunday, November 24, 2024

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

Must read

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.2017 සහ 2018 අයවැය යෝජනා අනුව රජයේ සහ පෞද්ගලික බැංකු, විදේශිය මුල්‍ය සහයෝගිතා ආයතන සහ අනෙකුත් සහභාගිත්ව ආයතන සමඟ ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව ඉදිරියේදී ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ පොලී සහනාධාර ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සහ ප්‍රවර්ධනය කිරීම ඇරඹෙනු ඇත.

මෙම වැඩසටහනේ මූලික අපේක්ෂාවක් වනනේ ශ්‍රී ලාංකිකයන් සතුව පැවතින සහජ නිපුණතා ප්‍රයෝජනයට ගනිමින් ව්‍යාවසාය පාරාදිසයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැංවිමයි. 2018 වර්ෂයට අදාළව මේ යටතේ ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රම වෙනුවෙන් පොලී සහනාධාර ගෙවීම සඳහා පමණක් රජය විසින් රු.මිලියන 5,250ක් වෙන් කර ඇති අතර එමගින් ආර්ථිකය තුළ රු.මිලියන 60,000කට ආසන්න ප්‍රාග්ධන සම්පාදනයක් ඇති කිරීම මෙන්ම එතුළින් නව රැකියා 50000ක් බිහි කිරිමට අපේක්ෂා කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article