Saturday, May 18, 2024

ලොවක් ගරුකරන ප්‍රංශ ස්පයිඩර් මෑන්ගේ අසුන්දර ජීවිත කථාව

Must read

Gassama-965970

මමොවුඩු ගස්සාමා (Mamoudou Gassama,) එහෙමත් නැතිනම් මේ දිනවල ලොව පුරා කවුරුත් හදුනන ප්‍රංශයෙන් මතුවූ ස්පයිඩර් මෑන් ගැනයි. මේ කථාව.

වයස අවුරුදු 22ක් වන මොහු මාලි රාජ්‍යයේ සිට ප්‍රංශය වෙත පැමිණ ඇති අතර ඒ ගමනේදී ඔහු මුහුණ දුන් අත්දැකීම් සැබැවින්ම ඔහුව වීරයෙක් කර අවසන්.කිසි දිනක ජීවිතයේ බලාපොරොත්තු අත්නොහැරි ඔහු සිය ජීවිත කථාවේදී සහරා කාන්තාරය,ලිබියාවේ මැර කල්ලි මෙන්ම මධ්‍යධරණී මුහුදත් පසුකර ඔහු මේ වන ප්‍රංශයේ ජනාධිපති අතින්ම ප්‍රංශ නිලපුරවැසි භාවය ලබාගෙන තිබෙනවා.

2013 වසරේදී මේ ලැජ්ජාශීලී තරුණයා මාලි නගරයෙන් පිටත්වන්නේ ප්‍රංශයේ වෙසෙන තමන්ගේ වැඩිමහල් සොයුරාවෙත කෙසේ හෝ ලගාවීමේ ආශාව ඇතිවයි. නමුත් ඔහු ප්‍රංශ ජනපතිය පැවසූ ආකාරයට ඒ සදහා උදව් කිරීමට පවා කිසිවෙක් ඔහුට සිට නැහැ. ඒ වන විට වෙනත් විකල්පයක් ඔහු සතුව තිබුනේත් නැහැ. ඔහුගේ ජීවිත ගමනේදී ඔහු ලිබියාවට පැමිණීමෙන් පසුව කැරලිකරුවන් විසින් ඔහුඇතුළු පිරිස අල්ලා ගන්නා අතර ඔහුන්ට හිංසා කරමින් හා පහරදෙමින් ඔවුන්ව වහල් සේවයේ යොදවා තිබෙනවා. නමුත් කිසි විටක ඔහු යහපත් ජීවිතයක් පිළිබදව වන බලාපොරොත්තු අත හැරීමට සූදානම් වූයේ නැහැ.

කෙසේ හෝ වසරක පමණ කාලයක් ලිබියාවේ වහල් සේවයේ යෙදුණු ඔහු සංක්‍රමණිකයන්ගෙන් පිරීගිය බෝට්ටුවකින් ඉතාලියට පලාඒමට සමත්වනවා.ඉතාලියට පැමිණ වසරකින් පමණ පසු ඔහු කෙසේ හෝ ප්‍රංශයේ වෙසෙන තමන්ගේ නෑදෑයන් වෙත ලගාවීමට සමත්වෙනවා. නමුත් ප්‍රංශයේ ජීවිතයත් ඔහුට සැපක් ලබාදෙන්නට සමත් වන්නේ නැහැ. ප්‍රංශයේදී ඔහු ඔහුගේ නෑදෑ පිරිස වර්ග අඩි 15ක පමණ විශාලත්වයකින් යුතු සංක්‍රමණික කම්කරුවන් සදහා වෙන්වූ කුඩා කාමරයක ජීවත්වනවා.

ඔහු කිසිවිටක ප්‍රංශයේ සරණාගතයෙකු වන්නට බලාපොරොත්තු වන්නේ නැහැ. නීත්‍යානුකූල ලියකියවිලි කිසිවක් නොමැතිව ප්‍රංශයෙන් පිටිවහල් කිරීමේ අවදානමත් සහිතව ඔහු ඉදිකිරීම් කෂේත්‍රයේ විවිධ රැකියා වල නිරත වනවා.

නමුත් ඔහුගේ ජීවිතය කනපිට පෙරලෙන්නේ පසුගිය සෙනසුරාදා දිනයේදීයි. ඒ මහල් ගොඩනැගිල්ලක 4වන මහලේ එල්ලමින් සිටි වසර හතරක් පමණ වයසැති කුඩා දරුවෙකු බේරා ගැනීමට ඔහු සමත් වීමත් සමගයි. සැබැවින්ම වීර ක්‍රියාවක් වූ ඔහුගේ කාර්යය මේ වන විට මුළු ලොවේම අවදානය දිනාගනිමින් ලොවපුරා ආදරය හා ප්‍රසංසාව ලබන කාර්යයක් වී අවසන්. මේ ක්‍රියාව පිලිබදව ප්‍රංශ ජනාධිපති ගස්සාමාගෙන් විමසූ අවස්ථාවේ ඔහු සදහන් කලේ දෙවරක් නොසිත දරුවා බේරා ගැනීමට මහල් ගෝඩනැගිල්ල නැගීමට ඔහු තීරණය කල බවයි.

ඔහුලේ වීරත්වට,ධෛර්යයට හා කැපවීමට ප්‍රංශ රජයෙන් ලබාදුන් සම්මානයද සමග

ඔහුගේ මේ ක්‍රියාවෙන් පැහැදුණු ප්‍රංශ ජනාධිපතිතුමන්  ගස්සාමාගේ ජීවිත කථාවට සවන්දුන්නේ ඉතාමත් කැමැත්තෙන් සහ සතුටින් බවයි මාධ්‍ය වාර්ථා කර තිබුනේ. එහිදී ප්‍රංශ ජනාධිපතිතුමන් විසින් ඔහුගේ වීර ක්‍රියාව අගයමින් නීර්භීතකම සදහා ලබාදෙන පදක්කමක්ද පිරිනමා තිබෙනවා. එලෙසම ප්‍රංශයේ පුරවැසිභාවය මෙන්ම ප්‍රංශ ගිනිනිවන හමුදාවේ සේවයට එක්වීමේ අවස්ථාවත් ප්‍රංශ ජනපති අතින් ඔහුට පිරිනැමෙනවා.

ගස්සාමාගේ මේ ක්‍රියාව ගැන අදහස් දක්වමින් ප්‍රංශ ජනපතිතුමන් සදහන් කර ඇත්තේ ඔහුගේ ක්‍රියාව නැරඹූ සියළුම පිරිස් වෙත ඔහු ආදාර්ශයක් බවත් ප්‍රංශයේ සියළුම ජනතාවගේ කෘතඥතාවය ඔහුට තමන් පුදකරන බවත්ය. එලෙසම ප්‍රංශ ගිනිනිවන අංශය නිවේදනයක් නිකුත්කරමින් සදහන් කර ඇත්තේ  සේවයට ඔහු පිලිගැනීමට තමන් ඇතුළු පිරිස සූදානමින් සිටින බවයි.

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article