Saturday, September 21, 2024

අතුරුදන් වූ ඉන්දුනීසියානු නාවික සබ්මැරීනය කොටස් තුනකට කැඩී තිබියදී මුහුදුපතුලෙන් හමුවෙයි

Must read

දින කිහිපයක සිට අතුරුදන්ව තිබූ KRI Nanggala-402 නාවික සබ්මැරීනය මුහුදු පතුලේදී කොටස් තුනකට කැඩී ගොස් ඇති බව ඉන්දුනීසියානු නාවික බලධාරීහු පවසති. මෙම සබ්මැරීනය පුහුණු අභ්‍යාසයක නිරත වෙමින් සිටියදී පසුගිය 21 වනදා ගැඹුරු මුහුදට කිමිදීමට අවසර ඉල්ලා ඇති අතර ඉන්පසු සබ්මැරීනය සමග පැවති සබදතා බිද වැටී තිබේ.

සබ්මැරීනය අතුරුදන් වූ දින සිට සබ්මැරීනය සොයා අන්තර්ජාතික මෙහෙයුමක් දියත් කෙරුණු අතර ඊට අමෙරිකාව, බංග්ලාදේශය, මැලේසියාව , ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාවේ ද සහය ලැබී තිබිණ.මෙහෙයුමේදී ගැඹුරු මුහුදු පතුලේ සබ්මැරීනය ඇති බවට ලද සංඥා සනාථ කර ගැනීම සඳහා සිංගප්පූරු යාත්‍රාවක් පිටත්ව ගොස් ඇති අතර එමගින් ගෙන එන ලද දර්ශනවලට අනුව සබ්මැරීනය මුහුදු පතුලේදී කොටස් තුනකට කැඩී ගොස් ඇති බව තහවුරු වී තිබේ. කෙසේ වෙතත් මෙසේ සබ්මැරීනය අනතුරට ලක්වීමට හේතුව මේ වන තෙක් පැහැදිලි වී නොමැත.

අතුරුදන් වන අවස්ථාවේ සබ්මැරීනයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 53 දෙනා ද ජීවිතක්ෂයට පත්ව ඇති බව මේ වන විට විදෙස් මාධ්‍ය විසින් තහවුරු කර තිබේ.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article