Sunday, May 5, 2024

GTF සාම ප්‍රවේශය සැබැවින්ම කල්පවතින සාමයක් සඳහාද ?

Must read

ගෝලිය දෙමළ සංසදයේ නියෝජිතයන් පිරිසක් දකුණේ ආගමික නායකයන් සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් පිරිසක් සමගින් මේ දිනවල රටේ සාමය සහ සහජිවනය ගැන මැදිහත්විමක් ආරභා ඇති බව මාධ්‍ය විසින් වාර්තා කරමින් තිබේ.

හිමාලයා ප්‍රකාශයන යැයි නම්කොට ඇති ලියවිල්ලක්ද පසුගිය 8වෙනිදා ජනපති වික්‍රමසිංහ වෙත භාර දි තිබුණි.

ඉන් අනතුරුව විවිධ ආගමික නායකයන් බැහැදැකිමට මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවිමටද මහනුවර මෙන්ම උතුරු නැගෙනහිරට ගොස් ඇතැයි ද ලිඩර් වෙබ් අඩවිය විසින් මේ පිලිබදව පළකර ඇති ලිපියක සදහන්ය. සාමය ගැන එකපාරටම පාත්වු මෙම වැඩසටහන් හුදෙක් මාධ්‍ය සංදර්ශනයක් ද නැතිනම් සැබැවින්ම රටේ කේන්ද්‍රියම ප්‍රශ්ණය බවට පත්ව ඇති කල්පවතින සාමයක් පිළිබද සැබැවින්ම අවංක උත්සාහයක්ද යන ගැටළුව මේ වන විට බරපතල ලෙසින් මතුවන්නට පටන් ගෙන තිබේ. ගෝලිය දෙමළ සංසදය මෙම මැදිහත්විමට එරෙහිව බරපතල විවේචනයක් එල්ලකර සිටින බ්‍රිතාන්‍ය දෙමළ සංසදය කියා සිටින්නේ …ගෝලිය දෙමල සංසදය යනු මේ වන විට පුද්ගලයන් කිපදෙනෙකුගේ පමණක් එකතුවක් බවය. “දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතයන් සහ සිංහල-බෞද්ධ පූජ්‍ය පක්‍ෂයේ සහ දකුණේ සිවිල් සමාජයේ කොටසකගේ මෑතකාලීන මුලපිරීම පිළිබඳව අපි ජනමාධ්‍ය මූලාශ්‍ර හරහා දැනගත්තෙමු. මෙම කණ්ඩායම්, දෙමළ ඩයස්පෝරාවේ තෝරාගත් සහ සීමිත නියෝජිතයන් සමඟ සාකච්ඡා ආරම්භ කර තිබීම කණගාටුවට කරුණකි. දෙමළ ඩයස්පෝරාවේ පුද්ගලයන් කිහිපදෙනකු පමණක් නියෝජනය කරන Global Tamil Forum (GTF) සමඟ මෙම සම්බන්ධ වීම, අපගේ ප්‍රජාව සාමූහිකව නියෝජනය කරන සංවිධානවල ඒකාබද්ධ හඬ සම්පූර්ණයෙන්ම ග්‍රහණය කර නොගනී. GTF විසින් කළින් සිදුකළ නියෝජනය තවදුරටත් සිදුනොකරන බව සැළකිල්ලට ගැනීම වැදගත්ය.” ( උපුටා ගැනිම දි ලිඩර් පුවත)

  නිදහසින් පසු, දේශපාලන ඉතිහාසයේ බෞද්ධ පූජකවරුන්ගේ ආධිපත්‍යය, දෙමළ ජනතාවගේ මූලික ප්‍රශ්නවලට විසඳුමක් ලබා ගැනීම සඳහා දෙමළ සහ සිංහල දේශපාලන නායකයන් අතර අත්සන් කරන ලද සෑම ගිවිසුමක්ම අවලංගු කිරීමට ප්‍රමුඛතම හේතුව වි තිබුණ බවද බිත්‍රාන්‍ය දමිල සංසදය විසින් සිය නිවේදනයේ අවධාරණය කර ඇත මේ අතර හිමාලයා ප්‍රකාශනය ගැන සදහන් කරමින් කියා සිටින්නේ  කිසිදු උපදේශන ක්‍රියාවලියකින් තොරව රහසිගතව තබා තිබුන බවය. එමෙන්ම . ‘හිමාල ප්‍රකාශනය’ වැනි ඕනෑම ප්‍රකාශයක් රැස්වීමට පෙර විපතට පත් වූවන් සමඟ සාකච්ඡා කර මහජනයා  වෙත ගෙන ඒම අතිශයින් වැදගත්  බව තව දුරටත් අවධාරණය කරමින් කියා තිබුනේ එවැන්නක් මෙහිදි සිදුව නැතැයිද BTF කියා සිටි. අනෙක් අතට GTF එක 2015 දී රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටියදී එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ද එවැනිම ක්‍රියාවලියක් ආරම්භ කළ අතර එය අපේක්ෂා කළ පරිදිම අසාර්ථක වු බව කියා සිටින බ්‍රිතාන්‍ය දෙමළ සංසදය තව දුරටත් අවධාරණය කර තිබේ. එමෙන්ම එම ප්‍රකාශයේ මෙම කරුණුද අවධාරණය කර තිෙබ්. …දෙමළ ඩයස්පෝරා සංවිධාන කිහිපයක් 2009 සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු දෙමළ ජනයාට රට තුළ සාමයෙන් සහ සහජීවනයෙන් ජීවත්වීම සඳහා ස්ථීර දේශපාලන විසඳුමක් සෙවීම සඳහා සක්‍රීයව කටයුතු කර න අතර  මෙම සංවිධාන ද දෙමළ ජනතාව මත සිදු කරන ලද යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ ජන සංහාර සඳහා වගවීම තහවුරු කිරීමට තම කාලය, මුදල් සහ උත්සාහයන් වෙහෙස මහන්සි වී වැය කරමින් සිටින බවද එම ප්‍රකාශනයේ සදහන්ය. කෙසේ වෙතත් රටට කල්පවතින සාමයක් සැබැවින්ම අවැසිය . එවැනි දේශපාලන විසදුමක් යනු දෙමළ ජනයාගේ අභිලාෂයන් මුදුන් පමුණුවනු ලබන එකක් විය යුතුවම තිබේ.   දැන් ගැටළුව මතුවන්නේ මෙතැනදිය. මේ සම්බන්ධයෙන් අප කළ විමසිම් වලදි උතුරේ සහ නැගෙනහිර මාධ්‍ය ක්‍රියාකාරින් මෙන්ම සිවිල් සමාජ ක්‍රියාධරයන්ද කියා සිටියේ මෙම සාම සංහිදියා ප්‍රයත්නයට මුල්ව ඇති දකුණේ බෞද්ධ භික්ෂුන් සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරින් පසුගිය දශක කිපය පුරා දමිල ජනයා මුහුණ දුන් සැබැ ප්‍රශ්ණවලදි මේ අයව සැබැවින්ම සිටියේ කොහේදැයි ප්‍රශ්ණ කරන බවය. දකුණේ අපත් දන්නා තරමින් දකුණේ නියෝජනය කරමින් GTF හා අත්වැල් බැදගෙන සිටින බහුතරයක් දෙනා දමිළ ජනයා මුහුණ දුන් මර්ධනය තර්ජනය ජිවිත අහිමිවිම් සිරගතවිම් ගැන අවංකව යමක් කර ඇතිදැයි යන්න ගැටලු සහගතය. තතු එසේ නම් එවැනි පිරිසකගේ මුලිකත්වයෙන් දෙමළ ජන අභිලාෂයන් මුදුන්පමුණුවාලිය හැකි දේශපාලන විසදුමක් සදහා සැබැවින්ම නිසි ප්‍රවේශයක් ලැබේද යන්න ඉතා පැහැදිලි ගැටළුවකි එය එසේ වන්නේ නම් මෙය සාම මාධ්‍ය සංදර්ශනයකට එහා යන එකක් නොවන බව නම් පැහැදිලිය ජනපති වික්‍රමසිංහ ඇත්තටම ලංකාව තුල කල්පවතින සාමයක් ස්ථාපිත කිරිම වෙනුවෙන් කටයුතු කරන්නට සුදානම් නම් ඔහු කළ යුතුව ඇත්තේ මාධ්‍ය සංදර්ශන වලට එහා ගිය සාමය වෙනුවෙන් ඇත්තටම පෙනි සිටිමට සහ කටයුතු කිරිමට හැකි අදාල සියළු පාර්ශවයන් සමගින් අව්‍යාජ සංවාදයකට මුල පිරිමය.   බ්‍රිතාන්‍ය දෙමළ සංසදයේ සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වේ                

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article