අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ඒකකවල ස්ථානාධිපතිවරුන් නව දෙනකු ඇතුළු දහ නවදෙනකු සාමාන්‍ය රාජකාරි සඳහා මාරු කර යවා ඇත. මෙම පියවර ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණිනි. එමෙන්ම ඉදිරියේදී නව නිලධාරීන් විමර්ශන සඳහා පත්කරන බවත් වාර්තා වෙයි.
රිෂාඩ් බදියුදීන් හා ඔහුගේ සොහොයුරුගේ විමර්ශන සිදුකල මෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ශනය, සිදුකළ නිලධාරීහු ද මාරුවීම් ලද නිලධාරීන් අතර වන බවත් ව්‍යාජ සාක්ෂි සකස් කර විමර්ශන කළ චෝදනාවට ලක් වූ නිලධාරීන්ද ඒ අතර සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.