Friday, September 20, 2024

BMICH එක නොලැබුන මානව හිමිකම් දින සැමරුමට පදනම් ආයතනය හිමිවෙයි.

Must read

මානව හිමිකම් දින සැමරුමකට BMICH ආයතනය ලබා නොදිම ගැන සිවිල් සමාජය තුල මෙන්ම සමාජ ක්‍රියාකාරින් අතරද මේ දිනවල පුළුල් සංවාදයක් මතුව තිබේ.මෙහි මුලික විරෝධය එල්ල වි තිබුනේ ජනාධිපතිවරයා වෙතය.

 

මානව හිමිකම් දිනය සමරන්නට වත් වත්මන් පාලකයන් ඉඩ  නොදෙන්නේ යැයි කියා බොහෝ සිවිල් සමාජ ක්‍රියාකාරින් සිය ෆේස් බුක් පිටුවලට සිය විරෝධයන් මුදාහැර තිබුණි.

මේ අතර BMICH  හි දොර වැසුන මානව හිමිකම් දින සැමරුම ඊයේ දිනයේදි පවත්වන්නට යෙදුණේ ශ්‍රි ලංකා පදනම් ආයතනයේය.

එය ප්‍රජාතන්ත්‍රිය අයිතින් රැකගැනිමේ ව්‍යාපාරයේ සන්නාමය යටතේ ප්‍රසිද්ධ කර තිබුන අතර මෙම වැඩසටහනේ පිළිගැනිමේ  කථාව සිදුකර තිබුනේ ප්‍රජාතන්ත්‍රිය අයිතිවාසිකම් රැකගැනිමේ ව්‍යාපාරයේ පුරෝගාමියෙකු වන සිවගුරුනාදන් මහතාය.

පදනම් ආයතනයේ වත්මන් සභාපතිත්වය දරන්නේ  රනිල් වික්‍රමසිංහගේ  සමිපතමයෙකු වන සමන් ආතාවුදහෙට්ටි විසිනි

.මෙම වැඩසටහනේ පිළිගැනිම කථාව සිදුකර තිබුනේ ප්‍රජාතන්ත්‍රිය අයිතිවාසිකම් රැකගැනිමේ ව්‍යාපාරයේ පුරෝගාමියෙකු වන සිවගුරුනාදන් මහතාhttps://www.facebook.com/premawardana.muhandiram/videos/541826534520361/

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article