Saturday, September 21, 2024

Astrazeneca කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව නැතිනම් ස්පුට්නික් හෝ ජොන්සන් එන්නත් ලබාදෙනවා – විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන

Must read

ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට එහි දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත කුමන හෝ රටකින් ලබා ගැනීමට නොහැකවුවහොත් ඒ වෙනුවට ජොන්සන් ඇන්ඩ් ජොන්සන් හෝ ස්පුට්නික් ලයිට් එන්නත ලබාදීමමට කටයුතු කරන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ දෙරණ රූපවාහිනියේ බිග් ෆෝකස් වැඩසටහනට එක්වෙමිනි.

ඒ සම්බන්දයෙන් පැහැදිලි කරමින් වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සදහන් කර සිටියේ කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ගේ ප්‍රතිදේහ වර්ධනය මාස හයක් අටක් අතර කාලයක් පවතින බැවින්  එම කාලයෙන් පසු ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත හෝ ස්පුට්නික් ලයිට් යන එන්නත ලබාදීමට කටයුතු කරන බවත් ඉන් කිසිදු අහිතකර බලපෑමක් සිදු නොවන බවත්ය.

කෙසේ වුවද මේ වන විටත් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාගැනීම සම්බන්ධව ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, ඩෙන්මාර්කය වැනි රටවල් සමග සාකච්ඡා කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් සදහන් කලේය.

(අරුණ)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article