Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

රජයට රු.මිලියන 53ක් පාඩු කල මහින්දානන්දගේ නඩුව කොළඹ විශේෂ මහාධිකරණයට

Must read

හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේට හා සතොස ආයතනයේ හිටපු සභාපති නලීන් ප්‍රනාන්දුයන අයට විරුද්ධව රජයට රුපියල් මිලියන 53ක් පාඩු කිරීමේ චෝදනාවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විබාග වන නඩුව අවසන් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය භයේ (27) නියෝග කළාය.

ඇය එසේ නියෝග කරනු ලැබුවේ එම සිදුවීමට අදාළ නඩුවක් කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ ගොනුකොට ඇති බව අල්ලස් කොමිසම විසින් මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීමෙන් අනතුරුවය.එමෙන්ම සිතාසි ලැබීමෙන් පසු විත්තිකරුවන්ය කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විත්තිකරුවන්ට නියෝග කළාය.

2014 සැප්තැම්බර් 01 වනදා හා එම වසරේ දෙසැම්බර් 31වනදා දක්වා කාලය ඇතුලත මෙරටට ආනයනය කරල ලද මිලියන 53ක් පමණ වටිනා කැරම් බෝඩ් හා දාම් බෝඩ් මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ක්‍රියාකාරකම් සදහා බෙදාදීමෙන් රජයට මිලියන 53ක පාඩුවක් කරන ලදැයි පවසමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article