මැතිවරණ ක්රමය සංශෝධනය කළ පමණින් මැතිවරණ වල නිදහස් හා සාධාරණ භාවය රැකෙන්නේ නොමැති බව පවසමින් ඉදිරි මහ මැතිවරණයට පෙර අපේක්ෂකයෙකුට වියදම් කල හැකි උපරීම මුදල් ප්රමාණය සම්බන්ධයෙන් වන නීති පාර්ලිමේන්තුවේදී සම්මත විය යුතු බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහන හෙට්ටිආරච්චි මහතා පවසයි.
එහිදී අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේ පසුගිය පළාත් පාළන මැතිවරණයේදි එක් අපේක්ෂකයෙකු සිය කොට්ඨාෂය ජයග්රහනය කිරිම වෙනුවෙන් රුපියල් ලක්ෂ 400 ක මුදලක් වැය කර ඇති බවයි. ඒ අනුව තොරතුරු දැනගැනීමේ පනත මගින් ලබාගත් තොරතුරු වලට අනුව ඔහුට එරෙහිව නීතිමය ක්රියාමාර්ග නීමට බලාපොරොත්තු වන බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහන හෙට්ටිආරච්චි මහතා පවසයි.