මේ වන විට ජාත්‍යන්තර වෙළදපොලේ ඉන්ධන මිල වැඩිවෙමින් පැවතියත්
මෙම උත්සව සමයේ දී ජනතාවට සහන සලසනුවස් ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
පසුගිය මාර්තු මාසයේදී බොරතෙල් බැරලයක මිල ඇ.ඩො.67ක් වූ අතර මේ වන විට ඇ.ඩො.74ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් උත්සව සමය හේතුවෙන් ජනතාවට සහන සැලසීම සදහා කිසිදු ඉන්ධන වර්ගයක මිල වැඩි නොකිරීමට රජය තීරණය කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.