Tuesday, November 19, 2024

Must read

 

අලුත් අවුරුදු සමය වෙනුවෙන් ලංකා සතොස භාණ්ඩ 200ක මිල 10% සිට 30% දක්වා ප්‍රමාණයකින් අඩු කල බවත් එම වාසිය අද (05) දිනයේ දිට ජනතාවට ලැබෙන බවත් සතොස ආයතනය සඳහන් කරයි.

මේඅනුව ලංකා සතොස මගින් කිලෝවක් රුපියල් 112කට අලෙවි කළ රතු පරිප්පු කිලෝවක් රුපියල් 110කටත්, රුපියල් 88ට අලෙවි කළ දේශීය සම්බා සහල් කිලෝවක් රුපියල් 84කටත්, රුපියල් 70කට අලෙවි කළ සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 67කටත්, රුපියල් 99කට අලෙවි කළ සුදු සීනි කිලෝවක් රුපියල් 97කටත්, රුපියල් 680කට අලෙවි කළ හාල්මැස්සන් කිලෝවක් රුපියල් 669කටත්, රුපියල් 200කට අලෙවි වූ සැමන්ටින් එකක් රුපියල් 195කටත් මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව හිමිවෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article