දිනකට වැටුප රුපියල් දහසක් 1000 කරදෙන ලෙසට වතු කම්කරුවන් ගෙන යන අරගලයට සහය පලකරමින් පසු ගිය 10 වන දින සිට සියළුම දිස්ති‍්‍රක්කයන් ආවරණය වන පරදි පා පැදියකින් දින 32ක් කිලෝමිටර් 2125ක් දූර ගමනක් යාමට බලාපොරොත්තුවන දර්මදිංගම් ප්‍රතාපත් අද 17 දිනට 8 වන දින මිගමුව සිට තොළඔ බලා ගමන් ආරම්භ කෙරුණි
මොහු මාධ්‍ය වෙත ප්‍රකාශ කලේ කදූ රට ප්‍රදේශයේ වැඩ කරන වතු කම්කරුවන්ට රුපියල් 1000ක වැටුපක් ලබාදීමට සහය පලකරමින් ආරම්භ කල මේ පාපැදි ගමන බවත් සිංහල ජාතිකයින් තනිවම සිටිය කාලය අවසන් කර සිංහල දෙමල මුස්ලිම් සියළුම ජන කොටස් එක පවුලක් ලෙට ජිවත් වන කාලය උදාවි ඇති බවත් ඒ අරමුනින් මෙම පාපැදි ගමන ආරම්භ කල බවයි
මෙම පා පැදි සාවාරියේදී ඔවුනට සියළුම දෙනාගෙන් සහයෝගය ලබා දූන් බවත් ආරක්ෂක අංශ මගින් ආරක්ෂාව ලබා දෙන බවත් සියළුම පහසුකම් හා උදවි උපකාර ගමන අතර තුර හමුවන සිංහල දෙමල මුස්ලීම් සියළුම දෙනා නමාට සහය පලකර බවත් කියා සිටියේය.
පියපේම මානික්කරත්න