Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

විෂ සහිත මත්ද්‍රව්‍ය ලගතබාගැනීම නිසා 96කට මරණ දඩුවම

Must read

(4.30 PM) 2008 සිට 2018 වසර දක්වා කාලය තුල කොකෝන්,හෙරොයින්,මොර්ෆින් වැනි විෂ සහිත මත්ද්‍රව්‍ය ලගතබා ගැනීම  මත  37,304ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සදහන් කර සිටී.

ඒ අතරින් පුද්ගලයන් 96ක් මරණ දඩුවමට ලක්ව ඇති අතර එසේ මරණ දඩුවමට ලක්වූ අය අතරින් 8 දෙනෙකු කාන්තාවන් වේ. තවත් පුද්ගලයන් 275ක් ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලැබ ඇති අතර ඉන් 34 දෙනෙකු කාන්තාවන් වේ.

එලෙසම මේ වසරේදී පමණක් රුපියල් මිලියන 5,166ක වටිනාකමින් යුතු හෙරොයින් කිලෝග්‍රෑම් 430.5ක් අත්අඩංගුවට ගෙන අැත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article