රට දැවැන්ත අනතුරක හෙළා ඇති ජනපති සිරිසේනට වහාම තනතුරු වලින් ඉල්ලා අස්වන ලෙස ඉල්ලමින් වෘත්තීය සමිති මහජන සංවිධාන අද (05) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදි විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණි.
විරෝධතා ව්‍යාපාරයට සමගාමීව මරදාන ටෙක්නිකල් හන්දියේ සිට කොටුව දුම්රිය පොළ දක්වා විරෝධතා පා ගමනක් හා අත්පත්‍රිකා බෙදාහැරීමක්ද සිදු කළේය.
මෙහිදි වෘත්තීය සමිති නියෝජිතයින් සඳහන් කළේ ජනපතිවරයා විධායක බලතල අනිසි ලෙස භාවිත කරමින් රට අනතුරකට පත් කර තිබෙන බවත්ය. මේ නිසා වහ වහාම තනතුරින් ඉල්ලා අස්විය යුතු බවය.
වෘත්තිය සමිති රැසක ක්‍රියාකාරින් නායකත්වයෙන් සංවිධානය කර තිබුණ මෙම විරෝධතාවය සදහා කිතුණු පියතුමන්ලා මෙන්ම කන්‍යා සොහොයුරියන්ද එක්ව සිටියහ.
එමෙන්ම සිවිල් ක්‍රියාකාරින් රැසක්ද සිය විවිධ ඉල්ලිම් පෙරටු කොට ගනිමින් විරෝධතාවයේ නියැලුණු අයුරු දක්නට ලැබුණි.
ඡායා- ada.lk