තේරිම් කාරක සභාවේ මන්ත්‍රි සංයුතිය සම්බන්ධයෙන් කථානායකවරයා විසින් කරන්නට ඉදිරිපත් කල සංඛ්‍යාවන් පිළිබදව පක්ෂ විපක්ෂ බව දැනගැනිමට පැවැති ඡන්දය මගහරිමින් අද දිනයේත් කුමන්ත්‍රණ ආණ්ඩුවේ මන්ත්‍රිවරු පාර්ලිමේන්තුවෙන් පැන යන අයුරු සජිවිව දැකගැනිමට රටටත් ලෝකයාටත් දැකගතහැකි විය.
කථානායකවරයා යෝජනා කර සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට 5 දෙනෙක් එක්සත් ජාතික පෙරමුණට නියෝජිතයන් 5 ක් සහ ජවිෙපටත් දමිල ජාතික සන්ධානයට එක බැගිනුත්ය.
සුපුරුදු පරිදි දිනේශ් ගුණවර්ධන මෙන්ම විමල් විරවංශද සිය විරෝධයන් පළකරන්නට යෙදුන අතර පසුව පාර්ලිමේන්තුවෙන් නැගට යන්නට පටන් ගත්තේය.
තමන්ට බහුතරක් නැති බව ඉතා හොදින් දන්නා කුමන්ත්‍රණ ආණ්ඩුව සුපුරුදු පරිදි අද දිනයේත මගහැරියේ එලෙසිනි.
මෙම ඡන්ද විමසිමේදි කථානායකවරයාගේ යෝජනාවට පක්ෂව ඡන්ද 121 ක් ලැබුණි.
මෙම ඡන්ද ප්‍රතිඵලය විසින් කුමන්ත්‍රණ ආණ්ඩුවට බහුතරයක් නැති බව අද දිනයේත් ලෝකයා හමුවේ ස්ථිරවිය.අද දිනයේ පාර්ලිමේන්තුවට පැමිණ සිටි මන්ත්‍රින්ට අනුව ඡන්දය ප්‍රකාශ නොකළ මන්ත්‍රින් ගණන 104 කි.ඉන් පැහැදිලි වන්නේ අද දින තේරිම් කාරක සභාව පිළිබද යෝජනාව වැඩි ඡන්ද 17 කින් සම්මත වි ඇති බවය.
මින් පැහැදිලි වන එක් කරුණක් වේ.කුමන්ත්‍රණ අගමැතිගේ වැය කපාහැරිම සම්බන්ධයෙන් නොවැම්බර් 29 වෙනිදාට අනිවාර්යෙන්ම කුමන්ත්‍රණ ආණ්ඩුව පාර්ලිමේන්තුව මගහැරිමට නියමිත බවය.
කථානායකවරයා විසින් ඉදිරිපත් කරන සංයුතිය අනුව
එක්සත් ජනතා නිදහස් සන්ධානය – දිනේශ් ,එස්.බි,නිමල් සිරිපාල,මහින්ද සමරසිංහ,විමල් විරවංශ
එක්සත් ජාතික පෙරමුණ – රවුෆ් හකිම්,රිෂාඩ් බදුදින් ,මනෝගනේෂන්,ලක්ෂමන් කිරිඇල්ල
ජවිපෙ– විජිත හේරත්
ඉලංකෙයි තමිල් අරුසකච්චි – මාවෙයි සේනාධිරාජා