ජනපති සිරිසේනගේ සහ මහින්ද රාජපක්ෂගේ ජහ- පාලනය තුල මාධ්‍ය හැසිරෙන්නේ ඉතාමත් ජඩ ආකාරයෙනි.ඒ තරම්ම ඒකපාර්ශිවය වනවා පමණක් නොව මහජනතාව වෙත කප්පරක් බොරු වපුරවති.
මේ පසුබිම තුල රටේ ජනයාට ඇත්ත කියන්නට පටන් ගෙන ඇති විකල්ප ප්රවෘත්ති සේවාව දිනෙන් දින ජනයා අතරේ දැන් පැතිර යමින් තිබේ.
ඊයේ ප්රවෘත්ති විකාශය තුල කාගේත් අවධානය දිනාගත් පුවත වි තිබුනේ ජනපති සිරිසේනවත් ඉස්සරහින් තබාගෙන කියැවුන පෝය බණ දේසනාවක් ගැනය.
සෑම පෝය දිනකම පැවැත්වෙන සදහම් යත්‍රා දෙසුම්ට මෙවර එක්ව සිටි මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් විසින් කරන්නට යෙදුන දෙසුම මේ වන විට කාගේත් කථාබහට ලක්ව තිබේ.