Saturday, May 18, 2024

කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහිව පහන් දැල්විමේ නිහඩ විරෝධය !

Must read

Candle Light“ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකගැනීමට පෙළ ගැසෙමු. ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන්ට ජනබලයෙන් පිළිතුරු දෙමු” යන තේමාවෙන් යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග‍්‍රහයේ දෙවන දින (22) සවස දේශපාලන නායකයින්, සිවිල් සමාජය, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් හා මහා ජනතාව එක්ව අධිෂ්ඨාන පහන් දැල්වීමක් ආරම්භ කළේය.

මේ සඳහා අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, අකිල විරාජ් කාරියවසම්, එරාන් වික්‍රමරත්න, කරුණාරත්න පරණවිතාන යන අය සත්‍යග‍්‍රහයට හා අධිෂ්ඨාන පහන් පුජාවට පැමිණ සිටි අතර, ජනතා ගායක ජයතිලක බණ්ඩාරයන්ගේ සංගීත වැඩසටහනක්ද පහන් පුජාව අතර තුර පැවැත්විය.Candle Light 2

aithiya.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article