මතුව ඇති අර්බුදයකාරි තත්වය ගැන කථා කිරිම සදහා දෙමළ ජාතික සන්ධානය හා ජනපති සිරිසේන අතර හමුවක් අද සවස පැවැත්විමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග දක්වා සිටි.
සිකුරාදා සම්මත කර ගැනුණු විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සහ ඉදිරියේදී පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු සිදු කිරීම ගැන ද එහිදී සාකච්ඡා වනු ඇතැයි දැනගන්නට තිබේ.
පාර්ලිමේන්තුවේ දී විශ්වාසභංග යෝජනාව ගෙන ඒම සඳහා ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා විසිනි.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවරිමින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්දන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ද ගොනු කර තිබේ.
මේ අතර සිය මතය හැම විටකම නොබියව ප්‍රකාශ කිරිමට දෙමළ ජාතික සන්ධානය විසින් කටයුතු කර තිබණ අතර එකි ස්ථාවරයන් දකුණේ ප්‍රගතිශිලි සමාජයේ මහත් පැසසුමකටද ලක්ව තිබුණි.