Mahinda samarasinhadinesh-gunawardena-860-05පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමේ වගකීම ඇත්තේ ඒ ගැන අභියෝග කරන එක්සත් ජාතික පක්‍ෂයට මිස රජයේ පාර්ශ්වයට නොවන බව සම කැබිනට් ප‍්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පැවසීය.
එබැවින් බහුතරය ගැන කලබලවීමේ අවශ්‍යතාවක් රජයට නැතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.මේ වන විට කැබිනට් අමාත්‍යවරුන් 17 දෙනෙකු සහ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 9 බැගින් පත්කර සිටින බව කී ඇමතිවරයා ඉතිරි අමාත්‍යවරුන් පත්කිරීමේ කටයුතු  පාර්ලිමේන්තුව රැස්කෙරෙන මෙම මස 14 වැනිදාට පෙර අවසන් කරන බව ද ප‍්‍රකාශ කළේය.මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී නොවැ  (7) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.අගමැතිවරයා පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් 113ක බහුතර බලය පෙන්විය යුතුයැයි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කිසිම තැනක සඳහන් නොවන බව පාර්ලිමේන්තුවේ සභානායක හා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද පසුගිය දා පවසා තිබුණිමේ මොහොතේ බහුතර බලය නව රජය සතුව පවතින බැවින් නව රජයට පාර්ලිමේන්තුවේ බහුතර බලය පිළිබඳව කිසිඳු ප‍්‍රශ්නයක් නැතැයිද අමාත්‍යවරයා කීය.