Sunday, November 17, 2024

ශ්‍රීලනිප මන්ත්‍රී පිරිසක් අගමැති රනිල්ට සහය දෙයි ! හතරක් ස්ථිරයි ! රවිගේ සහයත් රනිල්ට !

Must read

ranil teamවත්මන් ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සූදානමින් සිටින බවත් එයින් හතර දෙනෙක් දැනටමත් එය ස්ථිර කර ඇති බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම පවා දැනුවත් කිරීමකින් තොරව ජනපතිවරයා ගත් කුමන්ත්‍රණකාරී ක්‍රියාමාර්ගයට විරෝධය පළකිරීම පිණිස මෙම තීරණයට එළැඹෙන බව වාර්තා වේ.

එම මන්ත්‍රීවරුන් පිරිසට වහාම තමන් හමුවන ලෙස ජනපති මෛත්‍රී දැනුම්දී ඇතත්, ඔවුන් තම ජංගම දුරකථන ක්‍රියා විරහිත කරගෙන තිබේ.

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයට කිසිසේත් සහය නොදක්වන බව ඒ මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර වාර්තා වන ආකාරයට අද (27) උදෑසන රවී කරුණානායක මන්ත්‍රීවරයා සිය සමීපතම ආධාරකරුවන් සහ හිතවතුන් හමුවූ අවස්ථාවේ මේ බව සඳහන් කර ඇත.

පසුගිය සමයේ පක්ෂයෙන් තමන්ට කොහොම නොතකා හැරීමක් සිදුවූවත් පක්ෂයේ උප නායකයා ලෙස තමන් කිසිඳු අවස්ථාවක පක්ෂයට අභියෝගයක් පැමිණි අවස්ථාවේ කිසිසේත් තමන් පක්ෂය අත්නොහරින බවද රවී කරුණානායක මහතා එහිදී පවසා ඇත.

එසේම තම දේශපාලන ජීවිතය පුරා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දිවිහිමියෙන් කටයුතු කළ තමන් මේ ආකාරයේ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයකට සහය නොදක්වන බවද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
newstube.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article