මුළු ජාඇලම ප්රදේශය කම්පාවට පතකරමින් පසුගියදා ජාඇලදි කාන්තාවක් වෙඩි තබා ඝාතනය කොට කිරිම සිදුකරන ලද පාතාල සමාජිකයෙකු හලාවතදි අත්අඩංගුවට ගෙන පැලියගොඩට ගෙන යමින් සිටියදි ජාඇල දඩුගම් ඔයට පැන දිවි නසාගෙන ඇතැයි වාර්තා වේ.
පැලියගොඩ පොලිස් අපරාධ කොට්ටාශයට ගොස් අත්සන් තබා පැමිණෙමින් සිටි විත්තිකරුවන් දෙදෙනෙකු ලුහුබැද පැමිණ ඇති පාතාලයන් පිරිසක් ජා ඇලදි වෙඩි තැබිම සිදුකර තිබුනේ ලුහුබැද පැමිණ වාහනය වැරදි ලෙසින් හදුනාගෙන තිබිම හේතුවෙනි.
පාතලයන්ගේ මේ මෙහෙයුමෙන් ජිවිතක්ෂයට පත්ව තිබුනේ එක්දරු මවකි. ඇගේ දියණියද ඒ අවස්ථාවේදි මෝටර් රථයේ සිට අැත.