Saturday, May 18, 2024

දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්ණය ගැන යහපාලනය මඟඅරින්නේ ඇයි ?

Must read

political prisoner s1පසුගිය සැප්තැම්බර් 14 වෙනිදා අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටි දේශපාලන සිරකරුවන් 8 දෙනෙකු විසින් ආරම්භ කළ උපවාසයට අද වන විට දේශපාලන සිරකරුවන් 12 දෙනෙකු එක් වී ඇත. ඔවුන්ගේ උපවාසයට දින 20ක් ගත වුවද ආණ්ඩුව විසින් සාධාරණ පිළිතුරක් ලබා දීම දිගින් දිගටම පැහැර හැරීම නිසා කොළඹ මැගසින් බන්ධනාගාරයේ රදවා සිටින දේශපාලන සිරකරුවන් 43 දෙනෙකු ඔක්තෝබර් 3 වෙනිදා සිට ආහාර වර්ජනය කරමින් උපවාසයට එක් විය. දේශපාලන සිරකරුවන්ගේ උපවාසයට සාධාරණ විසදුමක් ලබා දෙන ලෙස ආණ්ඩුවට බලකිරීම සදහා දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය විසින් මහජන විරෝධතාවයක් ඔක්තෝබර් 5 වන සිකුරාදා උදෑසන 11ට අනුරාධපුර නව බස් නැවතුම්පොළ ඉදිරිපිටදි සිදු කිරීමට නියමිතය.
දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්ණය මේ ආකාරයෙන් දිනෙන් දින බරපතල අර්බුදයක් කරා ගමන් කරද්දි යහපාලන රජයේ අදාල බලධාරින් මේ වන තෙක් කිසිදු ප්‍රකාශයක් හෝ කර ඇති බවක් නොපෙනේ .
ඔක්තෝබර් 05 වෙනිදාටද අනුරාධපුරයේද මේ ගැන උද්ඝෝෂණයක් සංවිධනය කොට තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article