වැල්ලවාය – වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තෙලුල්ල ජනපදය ප්‍රදේශයේ පිහිටි නිවසකට වන අලියෙකු පහර දීම හේතුවෙන් එම නිවසට දැඩි අලාභ හානි සිදුව තිබේ.
මෙම ප්‍රහාරයෙන් නිවසේ බිත්ති සහ දේපළවලට බරපතළ හානි සිදුව ඇති අතර, එම නිවැසියන් සිය ජීවනෝපාය ලෙස පාපිසි මැසීමේ කර්මාන්තයේ නිරතව සිට ඇති බව වාර්තා වේ. වන අලි ප්‍රහාරය හේතුවෙන් ඔවුන්ගේ එකම ආදායම් මාර්ගය වූ රෙදි මහන යන්ත්‍රයට ද දැඩි ලෙස හානි සිදුව තිබේ.
මීට දින හතරකට පමණ පෙර ද මෙම ප්‍රදේශයේදීම වන අලි ප්‍රහාරයකට ලක්ව පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
දිනෙන් දින උග්‍ර වෙමින් පවතින මෙම වන අලි තර්ජනය හේතුවෙන් තම ජීවිත සහ දේපළ දැඩි අවදානමකට ලක්ව ඇති බව පවසන තෙලුල්ල ජනපදවාසීන්, මේ සඳහා කඩිනම් සහ ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙස වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
මුලාශ්‍රය /ඡායාරූප .Magama tv







