කඩුවෙල මංසන්ධිය අසල පිහිටි විදුලි උපකරණ අලෙවිසැලක අද (19) අලුයම හටගත් ගින්නකින් මව, පියා සහ දරුවන් දෙදෙනා ඇතුළු එකම පවුලේ සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
මූලික පොලිස් විමර්ශනවලට අනුව, ගින්න හටගන්නා අවස්ථාවේදී මෙම පවුලේ පිරිස එම ගොඩනැගිල්ල තුළ රැඳී සිට ඇත.
ගින්න මැඩපැවැත්වීම සඳහා කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවීමේ රථ තුනක් එම ස්ථානයට යොමු කර තිබේ.
මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාව සහ ගින්න ඇතිවීමට නිශ්චිත හේතුව මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නොමැති අතර, කඩුවෙල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
ඡායාරූපය – නෙත් නිව්ස්




