Thursday, October 15, 2026
spot_img
spot_img
spot_img
spot_img

මාදුරුඔය ජාතික උද්‍යානයේ දඩයමේ ගිය සැකකරුවන් සිව්දෙනෙක් අධිකරණයට

Must read

 

 

මාදුරුඔය ජාතික උද්‍යානයේ මුර සංචාරයක් අතරතුර ඉත්තෑ මස් සහ නීතිවිරෝධී ගිනි අවි සන්තකයේ තබාගත් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

කන්දේගම බීට්ටු කාර්යාලයේ වනජීවී නිලධාරීන් මාදුරුඔය ජාතික උද්‍යානයේ සිදුකළ මුර සංචාරයකදී පුද්ගලයන් කිහිප දෙනෙකු නිරීක්ෂණය වී තිබේ.

ඔවුන් පසුපස හඹා ගොස් දඩයක්කරුවන් බවට හඳුනාගැනීමෙන් අනතුරුව සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සන්තකයේ තිබී ඉත්තෑ මස් අත්අඩංගුවට ගෙන ඇත.

තවදුරටත් සිදුකළ සෝදිසි කටයුතුවලදී ජාතික උද්‍යානයට අනවසරයෙන් ඇතුළුවී සිටි පුද්ගලයන් දෙදෙනෙකු නිරීක්ෂණය වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සන්තකයේ තිබූ මෙරට නිෂ්පාදිත බෝර 12 පතුරම් යොදන තුවක්කු 02ක් වනජීවී භාරයට ගෙන ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article