පුත්තලම, තබ්බෝව අභයභූමිය තුළ සිදුකළ විශේෂ වැටලීමකදී නීතිවිරෝධී බඳින තුවක්කු 5ක් සහ බෝර 12 ගිනි අවියක් සමඟ සැකකරුවන් 5 දෙනෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


පසුගිය 30 වන දින තබ්බෝව අභය භූමියේ තුත්තනෙරිය ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයක් අතරතුර මෙම පිරිස නිරීක්ෂණය වී ඇති අතර, සැකකරුවන් සතුව තිබූ නඩු භාණ්ඩ සමඟ ඔවුන් එළඹෙන 08 වන දින පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අභයභූමි තුළ සිදුවන නීතිවිරෝධී කටයුතු සහ සතුන්ට සිදුවන හානි වැළැක්වීම සඳහා වනජීවී නිලධාරීන් විසින් ඉදිරියටත් මෙවැනි වැටලීම් දැඩි කර තිබේ.




