Monday, September 21, 2026
spot_img
spot_img
spot_img
spot_img

තවත් සංචාරක අංශ සංවර්ධන ව්‍යාපෘතියක් දඹුල්ල – සීගිරිය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරේ…..!

Must read

 

ශ්‍රී ලංකා රජය, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය සහායෙන් ක්‍රියාත්මක දඹුල්ල – සීගිරිය සහ ත්‍රිකුණාමලය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කරනු ලබන තිරසාර සංචාරක අංශ සංවර්ධන ව්‍යාපෘතියේ (STSDP) දඹුල්ල – සීගිරිය සංචාරක අංශ සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම ඊයේ (20 ) දින සිදුකලා …!

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 30 ක ණය මුදලක් ලබාදී ඇති අතර ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සහ මූලිකත්වයෙන් මෙම තිරසාර සංචාරක අංශ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා …!

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පලාත් සභාව, මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දඹුල්ල ප්‍රාදේශීය සභාව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ඇතුළු පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයත් සහිතව ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරෙනවා …!

මෙහි මූලික අරමුණ වන්නේ සංචාරක ගමනාන්තවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, සංචාරක ක්‍ෂේත්‍රයේ තරගකාරිත්වය වැඩිදියුණු කිරීම, නාගරික සේවා වැඩිදියුණු කිරීම, සංචාරක ගමනාන්ත කළමනාකරණය ශක්තිමත් කිරීම, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන සංචාරක ගමනාන්ත ඇතිකිරීම, සියලු ජන කණ්ඩායම් සඳහා ප්‍රවේශ විය හැකි සහ ඇතුලත් සංචාරක පරිසරයක් ඇති කිරීම..!

උපාය මාර්ගික පිහිටීම සහ පවතින විශාල සංචාරක විභවය සැලකිල්ලට ගෙන මෙම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීම සඳහා මධ්‍යම පලාතේ දඹුල්ල – සීගිරිය සහ නැගෙනහිර පලාතේ ත්‍රිකුණාමලය යන ප්‍රධාන ස්ථානයන් දෙක තෝරාගෙන තියෙනවා …!

ව්‍යාපෘතියේ පැකේජ 01 යටතේ ප්‍රධාන උප ව්‍යාපෘති 05 ක් ක්‍රියාත්මක කෙරෙනවා..! නව ගම්මාන වාහන නැවැත්වීමේ ස්ථානය වැඩිදියුණු කිරීම, සියවස මාවත ප්‍රතිසංස්කරණය, සීගිරි වැව වැඩිදියුණු කිරීම, විදේශීය සංචාරකයින්ගේ වාහන නැවැත්වීමේ ස්ථානය (සීගිරිය) වැඩිදියුණු කිරීම, සීගිරි කෞතුකාගාර පරිශ්‍රය සහ එලිමහන් රංග පීඨය වැඩිදියුණු කිරීම යන එම උප ව්‍යාපෘති මාස දහඅටක කාලයක් තුල නිම කිරීමට සැලසුම් කර ඇති අතර, කොන්ත්‍රාත් වටිනාකම රුපියල් මිලියන 1,206 ක් ..!

එමෙන්ම පැකේජ 02 යටතේ තවත් ප්‍රධාන උප ව්‍යාපෘති 04 ක් ක්‍රියාත්මක කෙරෙනවා …! මාපාගල සංරක්‍ෂණ හා සංවර්ධන කටයුතු, පිදුරංගල සංරක්‍ෂණ හා සංවර්ධන කටයුතු, කළු දිය පොකුණ සංරක්‍ෂණ හා සංවර්ධන කටයුතු, උරුමය මාවත (Heritage Trail) රාමකැලේ සිට තල්කොටේ දක්වා කිලෝමීටර් 11 ක් සංවර්ධනය කිරීම සිදුකෙර්. මාස තිහක කොන්ත්‍රාත් කාලයකින් සිදුකරන මෙම උප ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 1,085 ක් වැය කෙරෙනවා …!

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article