Wednesday, September 2, 2026

කුමන,ගල්ඔය සහ යාල ජාතික උද්‍යානවල කඳවුරු බිම් සහ සංචාරක නිවාස කිහිපයක් තාවකාලිකව වසා දැමේ !.

Must read

​රට තුළ පවතින දැඩි නියං තත්වය හමුවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම පියවර ගෙන තිබේ.

කුමන ජාතික උද්‍යානය

  • ​වසා දැමුණු කඳවුරු බිම්: ඇද කුඹුක I, ඇද කුඹුක II, ගල් අමුණ, හෙරලිගස් ආර සහ මෝයකට.
  • ​මෙම කඳවුරු බිම් සඳහා සිදුකර තිබූ සියලුම පූර්ව වෙන්කිරීම් (Reservations) සම්පූර්ණයෙන්ම අවලංගු කර ඇති අතර, ඉදිරියට නව වෙන්කිරීම් සිදු කිරීමද තාවකාලිකව අත්හිටුවා ඇත.

ගල්ඔය ජාතික උද්‍යානය

  • ​හත්පොත පිවිසුමට අයත් සියලුම කඳවුරු බිම් මෙලෙස වසා දමා ඇත.
  • ​අදාළ කඳවුරු බිම් සඳහා සිදුකර තිබූ වෙන්කිරීම් අවලංගු කර ඇති අතර, ඉදිරි කාලය සඳහාද නව වෙන්කිරීම් භාරගැනීම අත්හිටුවා ඇත.

යාල ජාතික උද්‍යානය

  • ​කලාප අංක I සහ කලාප අංක II ට අයත් සංචාරක නිවාස සහ කඳවුරු බිම් එළඹෙන ඔක්තෝබර් මාසය සඳහා විවෘත නොකෙරේ.
  • ​සැප්තැම්බර් 07 වන දින දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබූ කුසපත් ඇදීම (Raffle Draw) මගින් මෙම ස්ථාන වෙන් කිරීම සිදු නොවේ.

​පවතින කාලගුණ තත්වය සාමාන්‍ය අතට හැරී නියං තත්වය සමනය වීමෙන් අනතුරුව, සංචාරකයන්ට අවලංගු වූ වෙන් කිරීම් සඳහා නව දින ලබාදීමට කටයුතු යොදන අතර, ඉන්පසු නව වෙන්කිරීම් සඳහා යාල උද්‍යානයේ අදාළ කලාප යළි විවෘත කිරීමට නියමිතය.

මුලාශ්‍රය — Department of wildlife conservation Sri Lanka

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article