Monday, September 21, 2026
spot_img
spot_img
spot_img
spot_img

මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන්ට එරෙහි නඩුවේ  – පරීක්ෂණ අරඹයි 

Must read

මුලතිව් මාධ්‍ය සංගමයේ සභාපති සහ මුලතිව් දිස්ත්‍රික් මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන් මහතාට එරෙහි නාවුක හමුදා නිලධාරියෙකු විසින් ගොනුකළ  නඩුව පසුගිය  (04) විභාගයට ගත් අවස්ථාවේදී එම නඩුව කැඳවූ නාවික හමුදා පරීක්ෂකවරයා අධිකරණයට පැමිණ සාක්‍ෂි දුන්නේය. නඩුව 2024.08.29 දිනට කල් තැබිණි.

මුලතිව් මාධ්‍ය සංගමයේ සභාපති සහ මුලතිව් දිස්ත්‍රික් මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන් මහතාට එරෙහිව මුලතිව් ගෝඨාභය නාවික හමුදා කඳවුරේ නාවික බුද්ධි නිලධාරියකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව 2019.04.20 වන දින මුලතිව් පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.  පසුව මුලතිව් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු ඇප මත මුදා හැර ඇති අතර පසුගිය වසර කිහිපය පුරාවටම නඩුව පැවති අතර 2023.09.21 වන දින එම නඩුව ගෞරවනීය විනිසුරු ධර්මලිංගම් ප්‍රදීපන් මහතාගේ ප්‍රධානත්වයෙන් විභාගයට ගන්නා ලදී. මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන් වෙනුවෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේදී නීතිඥ වී.එස්.එස් ධනංජයන් මහතා පෙනී සිටින ලදී සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article